Last Update  :  2025-10-09 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශූරතා හතරම දිනාගනිති
ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලිය

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශූරතා හතරම දිනාගනිති

editorial - 2025 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ලෝක ගෘහස්ථ ක්‍රිකට් සංගමය සහ සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සංගමය හා එක්ව සංවිධානය කරන ලද ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ විවෘත පිරිමි හා කාන්තා ශූරතා දෙකම ඕස්ට්‍රේලියාව විසින් දිනා ගන්නා ලදී. මීට අමතරව අවුරුදු 22 න් පහළ පිරිමි හා කාන්‍තා ශූරතා දෙකත් දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

මෙම අවසන් තරග හතරේම අනු ශූරයන් වූයේ නවසීලන්තයයි.

පසුගිය වසරේද ශූරයන් වූ ඕස්ට්‍රේලියාව ගෘහස්ථ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඔවුන්ගේ ආධිපත්‍යය මෙවරත් ප්‍රදර්ශනය කිරීම කැපී පෙණින. 

දින දහයක් මුළුල්ලේ තලවතුගොඩදී පැවැති මෙම තරගාවලියට රටවල් නවයකින් කණ්ඩායම් 34ක් සහභාගි වූහ. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩක දෙමව්පියන් ඇතුළු විදෙස් නරඹන්නෝ ද 500 ක් පමණ සහභාගි වූහ.

ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, ඇමරිකාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, සිංගප්පූරුව යන රටවල් මෙම තරගාවලියට ක්‍රීඩා කළහ.

 
අවසන් තරග ප්‍රථිපල

විවෘත පිරිමි අවසන් තරගය
ඕස්ට්‍රේලියාව 83
නවසීලන්තය 46

විවෘත කාන්තා අවසන් තරගය
ඕස්ට්‍රේලියාව 117
නවසීලන්තය 75

අවුරුදු 22 න් පහළ පිරිමි අවසන් තරගය
ඕස්ට්‍රේලියාව 125
නවසීලන්තය 114

අවුරුදු 22 න් පහළ කාන්තා අවසන් තරගය
ඕස්ට්‍රේලියාව 100
නවසීලන්තය 69


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශූරතා හතරම දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.