Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ දකුණු අප්‍රිකානු සංචාරය කල්දමති

ඕස්ට්‍රේලියානුවෝ දකුණු අප්‍රිකානු සංචාරය කල්දමති

editorial - 2021 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වනවිට දකුණු අප්‍රිකාවේ පවතින කොරොනා වයිරස් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය කල් දමන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද (2 වැනිදා) නිවේදනය කළේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම, මේ මස අවසානයේදී, තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකාව බලා පියාසර කිරීමට නියමිතව සිටියේය. එහෙත් දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීම අවදානම් තත්වයක් ඇතිකළ හැකි බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරී නික් හෝක්ලි මහතා පවසා ඇත.

දකුණු අප්‍රිකාව මේ වනවිට දෙවැනි කොරෝනා රැල්ලටද හසුව ඇති අතර එරටින් නව කොවිඩ් ප්‍රභේදයක්ද හමුව තිබේ.

“වෛද්‍ය විශේෂඥයින් සමගින් පැවැති සාකච්ඡා වලින් පසුව, මේ අවස්ථාවේ දී ඕස්ට්‍රේලියාවේ සිට දකුණු අප්‍රිකාවට සංචාරය කිරීම අපගේ ක්‍රීඩකයින්ට සහ සහාය කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය අවදානමක් ගෙන එන්නක් බව පැහැදිලියි,” යැයි නික් හොක්ලි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“සංචාරය සැලසුම් කිරීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් කරන ලද සැලකිය යුතු වැඩ ප්‍රමාණය අපි අගය කරනවා. මේ අතරතුරදී කොරෝනා වයිරසයේ අවදානම පහව ගිය පසු තරගාවලිය පැවැත්වීම සඳහා යන අතිරේක පිරිවැය දැරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයත් සූදානම්” යයිද හොක්ලි මහතා වැඩිදුරටත් කියා තිබේ.

”මෙම තීරණය සැහැල්ලුවෙන් ගත්ත එකක් නෙමේ. මේක මහත් බලාපොරොත්තු කඩවීමක්”

“විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩ පැවැත්ම වගේම, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟින් පවතින අපගේ සම්බන්ධතාව ගැනත් අපි හිතනවා. ඒ වගේම අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබාගැනීමේ අපේ අභිලාෂයත් මේකෙන් කඩා වැටෙනවා” යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.


 - 2079

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ දකුණු අප්‍රිකානු සංචාරය කල්දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.