Last Update  :  2025-07-18 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕෂධ - සඳුන් - අහන් කොළඹ පන්දු යවන්නන්ට තලති
2023 ජාතික සුපිරි ලීගය

ඕෂධ - සඳුන් - අහන් කොළඹ පන්දු යවන්නන්ට තලති

editorial - 2023 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(දමින්ද විජේසූරිය)

ද්විත්ව ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු (201) සහ ශතකයක් ලබාගත් සඳුන් වීරක්කොඩි (144) දෙදෙනාගේ පිතිහරඹයට පසුව කොළඹ පන්දු යවන්නන් දිගින් දිගටම වෙහෙසට පත්කළ අහන් වික්‍රමසිංහ (නොදැවී 99) නිසා ජාතික සුපිරි ලීග් තරගාවලියේ දෙවැනි දිනයේදී මහනුවර පිතිකරුවෝ පහසුවෙන්ම ලකුණු 500 කඩයිම පසුකර ගියහ. 

කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන ජාතික සුපර් ලීග් (සිව්දින) තරගයේ දෙවැනි දිනය වූ අද (20 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 554 ක් ලබා සිටියේය. 

පළමු දිනය නිමාවේදී කඩුලු 2 කට ලකුණු 96 ක් ලබා සිටි මහනුවර පිලේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 246 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඕෂධ ප්‍රනාන්දු සහ සඳුන් වීරක්කොඩි තරගය කොළඹ පිලෙන් ඈතට ඇදගෙන ගියහ. පසුව අහන් වික්‍රමසිංහ සමගින් එක්වූ ඕෂධ, 6 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 136 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේය. 

කොළඹ පිල ලබාගත් ලකුණු 214 ට පිළිතුරු වශයෙන් බ්‍රහස්පතින්දාම සිය ඉනිම ඇරඹූ මහනුවර පිතිකරුවෝ අද දිනය පුරාම පන්දුවට පහර දෙමින්, තරගයේ දින දෙකක් ඉතිරිව තිබියදීම, ලකුණු 340 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගෙන සිටිති. 

කොළඹ - පළමු ඉනිම 214 

මහනුවර - පළමු ඉනිම කඩුලු 7 ට 554 
(ලසිත් කෲස්පුල්ලේ 29, ඕෂධ ප්‍රනාන්දු 201, සඳුන් වීරක්කොඩි 144, සහන් ආරච්චිගේ 32, අහන් වික්‍රමසිංහ නොදැවී 99, නිසල තාරක 106/3)

 

 


අදහස් (0)

ඕෂධ - සඳුන් - අහන් කොළඹ පන්දු යවන්නන්ට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.