Last Update  :  2026-03-31 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් දින සැමරුම ගාල්ලේදී

ඔලිම්පික් දින සැමරුම ගාල්ලේදී

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ (අයි.ඕ.සී.) ඔලිම්පික් දින ධාවනය හෙටට (23 වැනිදා) යෙදී තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් ඔලිම්පික් දින සැමරුම් උත්සවය හෙට ගාල්ලේදී පැවැත්වේ.

ගාල්ල මහින්ද විද්‍යාලයේදී පෙරවරු 9.00 ට චිත්‍ර තරගයක් පැවැත්වෙන අතර ඒ සඳහා පාසල් 22 කින් ළමෝ 100 ක් පමණ සහභාගිවෙති. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබඳ ළමුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකින් පසුව ක්‍රීඩා උළෙලට අදාළ චිත්‍ර ඇඳීමේ තරගය ක්‍රියාත්මක වේ.

හොඳම චිත්‍ර නිර්මාණ හිමි ළමුන් සඳහා ත්‍යාග පිරිනමන බවද සංවිධායකවරු පවසති. වර්තමානයේ ලොව පුරා රටවල් ඔලිම්පික් දිනය මාර්ග ධාවනයේ යෙදෙමින් සමරනු ලැබේ.

‘ඔලිම්පික් දින ධාවනය’ හෙට පස්වරු 1.30 ට පාසල් ළමුන් 1100 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණය වටා පැවැත්වීමට නියමිතය. මෙම ධාවනයට සහභාගි වීම වෙනුවෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයාගේ අත්සනින් යුත් සහතිකපත්, ඇඳුම් සහ හිස්වැසුම් ද ළමුන්ට පිරිනැමේ.

දකුණු පළාත් මහ ඇමැති හේමකුමාර නානායක්කාර, බ්‍රසීල තානාපති මසෙල්ලා දි බොස්කො බල්සා යන මහත්වරු ආරාධිතයෝ ලෙස මෙම අවස්ථාවට එක්වෙති.  ලොව පුරා රටවල් සිය රටේ ඔලිම්පික් කමිටුවල මෙහෙයවීමෙන් ඔලිම්පික් දිනය සැමරීම සඳහා විවිධ උත්සවය සංවිධානය කරති.

තරුණ, වැඩිහිටි සියල්ලෝම ක්‍රීඩාවට ආදරය කරන සැවොම ක්‍රීඩා ඉසව්, සංස්කෘතික අංග මාර්ග ධාවනය, ප්‍රදර්ශන කුටි, අධ්‍යාපනික වැඩසටහන් පමණක් නොව සංගීතය ද යොදා ගෙන විවිධ ආකාරයන්ගෙන් ඔලිම්පික් දිනය සමරති.


- 090

 


අදහස් (0)

ඔලිම්පික් දින සැමරුම ගාල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.