ඔලිම්පික් රන් පදක්කම්ලාභී ඇමරිකානු පිහිනුම් කී‍්‍රඩිකාවක වන මිසී ෆ‍්‍රෑන්ක්ලින් විසින් මෙහෙයවනු ලැබූ පිහිනුම් වැඩමුළුවක් පෙරේදා (06) සීනිගම ගුණ-ජය-සතුට පදනම් පිහිනුම් තටාකයේදී පැවැත්විණ.
සීනිගම ගුණ-ජය-සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතාගේ ආරාධනයක් මත පිහිනුම් කී‍්‍රඩිකා මිසි ෆ‍්‍රෑන්ක්ලින් ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය මෙම වැඩමුළුව මෙහෙයවමින් මේ අවස්ථාවට සහභාගිවූ පිහිනුම් කී‍්‍රඩකයින්ට පිහිනුම් කී‍්‍රඩාව පිළිබඳව උපදෙස් රැසක්ම දුන්නාය.
පිහිනුම් පුහුණු වැඩමුළුවෙන් අනතුරුව ඇය සීනිගම ගුණ ජය සතුට පදනමේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් සමග සැහැල්ලූ පන්දු කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරතවී සිටියාය. සැහැල්ලූ පන්දු කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වූ ඇය එහිදී මෙසේ කීවාය.
”පිහිනුම් කී‍්‍රඩාවට දක්‍ෂ ළමයි රැුසකටම පුහුණුවක් දෙන්න ලැබීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා”
”මේ පුහුණුවට සහභාගිවූ හැම කෙනෙක්ම දක්‍ෂයි. මම හිතනවා පිහිනුම් කී‍්‍රඩාවට තව තවත් දක්‍ෂ ළමයි ශ්‍රී ලංකාවේ ඇති කියලා. ඒ අයට හොඳ පුහුණුවක් දුන්නොත් හොඳ තැනකට ගේන්න පුළුවන් වේවි”
”මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නු සීනිගම ගුණ-ජය-තුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතාට. කුෂිල් ගුණසේකර මහත්තයා මේ රටේ කී‍්‍රඩාව වෙනුවෙන් කරන කැපවීම මට අද බලා ගන්න පුළුවන් වුණා”
”ශ්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින් වන මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්කාර ඒ වගේම එංගලන්තයේ කි‍්‍රකට් කි‍්‍රඩකයකු වූ ශ්‍රීමත් ඉයන් බොතම් වැනි මහත්වරුන්ගේ සහයෝගය මෙන්ම අනුග‍්‍රහය මේ ස්ථානයට ලැබෙන බව මට දැනගන්නට හැකිවුණා. ඇත්තටම මමත් හරිම ආසයි ලංකාවේ කී‍්‍රඩාව දියුණු කරන්න අතහිත දෙන්න. ඒ නිසාමයි කෙතරම් වැඩරාජකාරි තිබුණත් ලංකාවට එන්න තීරණය කළේ”
”මම මේ ගමන ආවේ ගොඩක්ම සතුටෙනුයි. මේ වැඩසටහන සංවිධානය කළ හැම කෙනෙකුටම මම ස්තුතිවන්ත වෙනවා.”
මේ අවස්ථාවට සහභාගිවූ සීනිගම ගුණ ජය සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
”මට අද ගොඩක් සතුටු දවසක්. සුනාමි ව්‍යසනයෙන් විශාල හානියක්වූ මගේ ගමට ලෝක පිහිනුම් ශූරියෙක් එක්කන් ඇවිල්ලා අපේ ළමයින්ට පිහිනුම් කී‍්‍රඩාව පිළිබඳව පුහුණුවක් දෙන්න ලැබීම ඒ සතුටට හේතුවයි”
ඒ වගේම ලෝක පිහිනුම් ශූරී මිසී ෆ‍්‍රෑන්ක්ලින්ගේ නිහතමානී කම මම ඉතා අගය කරනවා. අපේ ළමයින්ට ඇය හොඳ ආදර්ශයක් දුන්නා යැයි” ද ගුණසේකර මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.