
(නාමල් පතිරගේ)
ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය (2026 - 30) ලබන අප්‍රේල් 30 වැනිදා පස්වරු 4 ට එහි ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. ඊයේ (14) පැවැති එහි විශේෂ මහ සභා රැස්වීමේදී තීරණය කළ පරිදි නාමයෝජනා කැදවීම ලබන අප්‍රේල් 11වැනිදා දක්වා සිදු කෙරේ.
නිලවරණ මෙහෙයුම් කමිටුව නිර්දේශ කර ගැනීමත් එහිදී සිදු කෙරෙනු අතර ඒ අනුව එහි සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා කටයුතු කරයි.ජනාධිපති නීතිඥ හර්ෂ අමරසිංහ හා නීතිඥ පියසේන රණසිංහ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් නිල කාලය (2021 - 25) පසුගිය දෙසැම්බර් 27 වැනිදා අවසන් විය. කෙසේවූවත් ඊළගට යෙදෙන නිලවරණය පවත්වා අවසන් කෙරෙන තුරු ලබන අප්‍රේල් 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට සහන කාලයක් ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එකග විය.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එහි උප සභාපතිවරයෙකු වන ශිරන්ත පීරිස් මහතා පැවැසුවේ අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන නිලවරණයේදී තමා සභාපති ධූරයට නාමයෝජනා බාරදීමට තීරණය කර තිබෙන බවයි.
ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ සම්මේලනයේ වත්මන් සභාපතිවරයාද වන ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ සැපයුම් උප කමිටුවේ ප්‍රධානියාද වන අතර මේ වන විට ඔහු නෙළුම් කුළුන මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.
ඔහු මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසුවේ ඔලිම්පික් කමිටුවේ නිලවරණයට ඉදිරිපත් වීමේදී තමා ප්‍රධාන කොන්දේසි දෙකක් වත්මන් සභාපතිවරයා වෙත යොමු කර සිටි බවයි. ඒ සිය පාර්ශවයෙන් මහ ලේකම් ධුරයේ අපේෂකත්වය එය දැනටත් දරමින් සිටින රිෆ්ඩි ෆාමි මහතාට ලබාදීමත් වත්මන් උප සභාපතිනියක් වන නිලූ ජයතිලක මහත්මිය යළිත් විධායක සභාවට පත් කර ගැනීමත් සිදු කළ යුතු බවයි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.