Last Update  :  2026-05-03 20:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔමල්ක - කවිඳු ශ්‍රී ලංකා පිලට එක්වෙති
ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලාන

ඔමල්ක - කවිඳු ශ්‍රී ලංකා පිලට එක්වෙති

editorial - 2026 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේ කිලෝ ග්‍රෑම් 85 ට අඩු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර හෙට (3 වැනිදා) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි රග්බි තරගය සඳහා ඉදිරි පෙළ ක්‍රීඩක ඔමල්ක ගුණරත්න සහ ස්ක්‍රම්-හාෆ් ක්‍රීඩක කවිඳු ද කොස්තා ශ්‍රී ලංකා සංචිතයට එක් කර ඇත. නවසීලන්තයේ කිලෝග්‍රෑම් 85 න් පහළ රග්බි කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි තරගය හෙට පස්වරු 4.00 ට ආරම්භ වේ. 

තරග 2 කින් සමන්විත මෙම තරගාවලියේ ශූරයන්ට ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලාන පිරිනැමෙනු ඇත. පළමු තරගයේදී තියුණු සටනක් දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නවසිලන්ත පිල හමුවේ ලකුණු 27 - 16 කින් පරාජය විය. 
ඉදිරි පෙළ ක්‍රීඩක ඔමල්ක ගුණරත්න ඔහුගේ ආබාධයෙන් සුවය ලබා ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින්, කවිඳු ද කොස්තා ද කණ්ඩායමට එකතු කර තිබේ. 

පළමු තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ ලසිඳු කරුණාතිලක කණ්ඩායමේ සිටියදීම, හෙට (3 වැනිදා) පැවැත්වෙන දෙවැනි තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් තරිඳු චතුරංග නම්කර තිබේ. මෙම තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමත්, කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් පැමිණ මහනුවර පිලට එක්වූ තරිඳු චතුරංග මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායකයා වීමත් මෙම තෝරා ගැනීමට ප්‍රබල හේතුවකි. 

පළමු තරගයේදී පරාජය වූවත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බෙහෙවින් ධෛර්යවත් ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළහ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියේ ආධිපත්‍යය දැරූ අතර සංචාරක නවසීලන්ත පිලට අඛණ්ඩ පීඩනයක් එල්ල කළහ.

නායක ලසිඳු කරුණාතිලක ඉදිරි පෙළ ක්‍රීඩකයන් අතර පෙරමුණ ගනිද්දී, තරිඳු චතුරංග, තිළිණ බණ්ඩාර සහ පුලස්ති දසනායකගේ මනා සහයෝගයෙන්, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කොළඹදී පැවැති තරගය පුරාම ශක්තිමත් ලෙසින් පෙනී සිටියහ. කෙසේ වෙතත්, ප්‍රධාන ස්ක්‍රම්-හාෆ් ක්‍රීඩක හේෂාන් ජැන්සන් සහ ඩිනාල් ඒකනායක දෙදෙනාගේ සේවය කොළඹදී නොතිබීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය. 

මෙම තත්ත්වය හොඳින් විග්‍රහකරගත් තේරීම් කමිටු නිලධාරීහු දෙවැනි තරගය සඳහා, ඔමල්ක ගුණරත්න සහ කවිඳු ද කොස්තා කණ්ඩායම එක් කළහ. 

මේ අතර, නවසීලන්තයේ කිලෝ ග්‍රෑම් 85 න් පහළ කණ්ඩායම ද මහනුවරදී සංචිතයට එක් වූ ෆ්‍රැන්සිස් මෝර්ස්ටේක් සහ ජැක්සන් එෆ්‍රායිම්ස් සිය කණ්ඩායමට එකතු කර තිබේ. 

මෝගන් වයිට් මහතා මෙම තරගයේදීත් ප්‍රධාන විනිසුරුවරයා ලෙසින් කටයුතු කරනු ඇත. 

- 213

 


අදහස් (0)

ඔමල්ක - කවිඳු ශ්‍රී ලංකා පිලට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.