දිමුත් කරුණාරත්නගේ පන්දු 52 ප‍්‍රචණ්ඩකාරී ශතකය නිසා එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය සහ හොංකොං කි‍්‍රකට් සමාජය අතර අද (22 වැනිදා) සිංගප්පූරුවේදී පැවැති විස්සයි:20 තරගයෙන් ලකුණු 156 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට එස්. එස්. සී කී‍්‍රඩා සමාජය කණ්ඩායම සමත්විය.
සිංගප්පූරු කි‍්‍රකට් සමාජය සංවිධානය කරන විස්සයි20 කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව, ඕස්ටේ‍්‍රලියාව, සිංගප්පූරුව, හොං කොං, ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව යන රටවල කණ්ඩායම් 6 ක් සහභාග වෙති
ජයග‍්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹා ගිය හොංකොං කි‍්‍රකට් සමාජ කණ්ඩායමට කඩුලූ 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 94 ක් පමණි. එහිදී උපුල් බණ්ඩාර ලකුණු 14 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කාසියේ වාසිය දිනූ හොංකොං කි‍්‍රකට් සමාජයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එස්. එස්. සී. කී‍්‍රඩා සමාජ කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 250 ක් ලබාගත්තේය. එස්. එස්. සී. පිලේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න, පන්දු 52 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 108 රැස්කිරීමට සමත්විය. ධනුෂ්ක ගුණතිලක සමග එක්වූ දිමුත් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 104 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩාමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
පන්දු 42 කදී වාර්තා වූ ධනුෂ්ක ගුණතිලකගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත්විය.
එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය - ඕවර 20 කදී කඩුලූ 5 කට 250
(දිමුත් කරුණාරත්න නොදැවී 108, ධනුෂ්ක ගුණතිලක 80, චාමර කපුගෙදර 18, තිළිණ කණ්ඩම්බි 20, සයිමන් කුක් 33/2)
හොං කොං කි‍්‍රකට් සමාජය - ඕවර 20 කදී කඩුලූ 8 කට 94
(ටිම් මැක්මහන් 19, පෝල් වෙට්කින්ස් 16, තිමෝති කට්ලර් නොදැවී 23, උපුල් බණ්ඩාර 14/3)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.