ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය විසින් 42 වැනි වරටත් සංවිධානය කළ ‘එල්. වී. ජයවීර’ අනුස්මරණ බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රත්නපුර සීවලී මැදි විදුහල සමත් විය. එහි අනු ශූරතාව නුගවෙල මැදි විදුහලට හිමිවිය.
රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් 2 ක් දිනාගනිිමින් සීවලී විදුහල ශූරතාවට හිමිකම් කී අතර නුගවෙල මැදි විදුහල අනු ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගනිමිනි. රන් පදක්කම් 2 ක් දිනාගත් පල්ලේබෝවල ජාතික පාසල තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්විය.
අවුරුදු 17-18 වයස් කණ්ඩයේ කිලෝ ග‍්‍රෑම් 52-56 බර පංතියෙන් තරග වැදුණ මහානාම විදුහලේ මිහාන් ප‍්‍රනාන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත් අතර එම බර පංතියෙන්ම තරග වැදුණ සීවලී මැදි විදුහලේ එච්. පී. කල්පගේ තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙස සම්මාන ලැබීය.
මහානාම විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් 50 ක් පමණ නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ කී‍්‍රඩා අධ්‍යක්ෂ බී. ඒ. අබේරත්න මහතා සහභාගී විය.
අවසන් තරග ප‍්‍රතිඵල
කිිලෝ ග‍්‍රෑම් 33-35 බර පන්තිය (අවු. 13-14)
ආර්. එන්. ඩයස් (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් බී. ඒ. කරුණාරත්න (පානදුර සුමංගල විදුහල) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 35-37 බර පන්තිය (අවු. 13-14)
ඞී. ආර්. බණ්ඩාර (නුගවෙල මැදි විදුහල) විසින් පී. ආර්. නන්දසිරි (හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාල පීඨය) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 37-39 බර පන්තිය (අවු. 13-14)
එච්. ජී. අබේසේකර (පල්ලේබෝවල ජාතික පාසල) විසින් රනිඳු සංජය (කොළඹ කේරි විදුහල) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 39-41 බර පන්තිය (අවු. 13-14)
ඒ. ඒ. අබේසිංහ (රත්නපුර සීවලී මැදි විදුහල) විසින් යූ. එන්. ප‍්‍රනාන්දු (හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාල පීඨය) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 41-43 බර පන්තිය (අවු. 13-14)
යූ. එල්. පේ‍්‍රමරත්න (නුගවෙල මැදි විදුහල) විසින් එම්. එම්. හරීෆ් (කොළඹ කේරි විදුහල) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 43-45 බර පන්තිය (අවු. 13-14)
එම්. ජී. රූපසිංහ (පල්ලේබෝවල ජාතික පාසල) විසින් එම්. ඒ. මනතුංග (වත්තේගම මැදි විදුහල) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 44-46 බර පන්තිය (අවු. 15-16)
එච්. ඒ. චතුරංග (රත්නපුර සීවලී මැදි විදුහල) විසින් ජී. එම්. දිසානායක (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 46-48 බර පන්තිය (අවු. 15-16)
එස්. එම්. පේ‍්‍රමතිලක (පේරාදෙණිය මැදි විදුහල) විසින් එච්. වී. හෙට්ටිආරච්චි (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 48-50 බර පන්තිය (අවු. 15-16)
යූ. ඒ. ධනවර්ධන (රත්නපුර සීවලී මැදි විදුහල) විසින් එස්. පී. සමරසිංහ (කඩුගන්නාව මැදි විදුහල) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 50-52 බර පන්තිය (අවු. 15-16)
ඞී. එල්. සිරිවර්ධන (හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාල පීඨය) විසින් විදූෂ නවෝද්‍ය (ගම්පහ බණ්ඩාරනායක විදුහල) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 52-54 බර පන්තිය (අවු. 15-16)
සී. අයි. අගලවත්ත (රණබිම රාජකීය විදුහල) විසින් ඩබ්ලිව්. එම්. බණ්ඩාර (නාවලපිටිය මැදි විදුහල) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 46-49 බර පන්තිය (අවු. 17-18)
එස්. එම්. හේෂාන් (පන්විල රාජසිංහ මැදි විදුහල) විසින් ආර්. එච්. රවිෂංක (රත්නපුර සීවලී මැදි විදුහල) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 49-52 බර පන්තිය (අවු. 17-18)
එස්. ජීවන්ත් (යාපනය හාට්ලි විදුහල) විසින් ඒ. ඞී. සඳරුවන් (ගම්පහ බණ්ඩාරනායක විදුහල) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 52-56 බර පන්තිය (අවු. 17-18)
මිහාන් ප‍්‍රනාන්දු (කොළඹ මහානාම විදුහල) විසින් එච්. පී. කල්පගේ (රත්නපුර සීවලී මැදි විදුහල) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 56-60 බර පන්තිය (අවු. 17-18)
එන්. බී. සුමනපාල (කොළඹ මහානාම විදුහල) විසින් එම්. යූ. මොහොමඞ් (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.
කිිලෝ ග‍්‍රෑම් 60-64 බර පන්තිය (අවු. 17-18)
ජේ. ජෙන්සන් (පුදුකුඩුයිරිප්පු විදුහල) විසින් අයි. පී සුලක්ඛන (ගම්පහ බණ්ඩාරනායක විදුහල) පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.