Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එක්දින තරගාවලිය අවලංගු කරයි
පාකිස්තානු පිලේ ශ්‍රී ලංකා සංචාරය

එක්දින තරගාවලිය අවලංගු කරයි

editorial - 2022 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය අවලංගු කිරීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය එකඟවී ඇත. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා පමණක් ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ටෙස්ට් තරග පැවැත්වෙන නිශ්චිත දිනයන් තවමත් ප්‍රකාශ කර නොමැත.

ඉදිරි තරග කාලසටහනට අනුව දෙපිල අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබුණද, එම එක්දින තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීගයට ඇතුලත් නොවන බැවින් ටෙස්ට් තරග පමණක් පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි. ටෙස්ට් තරඟාවලිය අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් වේ.

රට තුළ මේ වනවිට පවතින ඉන්ධන විදුලි අර්බුද හේතුවෙන් දිවා-රාත්‍රී තරග පැවැත්වීම ඉදිරියේදී අපහසු වනු ඇත. එසේම, ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග පහක් සහ විස්සයි20 තරග තුනක් සඳහා ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත. ඉන් පසුව ආසියානු කුසලාන තරගාවලිය ද ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බැවින් සිය ජාත්‍යන්තර කාලසටහන පවත්වා ගැනීම සඳහා වෙනත් විකල්ප සැලසුම් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාව තුල පවතින මූල්‍ය අර්බුදයට යම් සහනයක් වියහැකි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සතියකට පෙර පැවැත්වීමට හැකි වන පරිදි එක්දින තරඟ අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉල්ලා සිටි බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය අධ්‍යක්ෂක සාමී උල් හසන් මහතා පැවසීය.

පාකිස්ථානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ අවසන් කාලසටහන නුදුරේදීම ප්‍රකාශයට පත්කරන බවද හසන් මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පැවැත්වෙන විකල්ප ස්ථානය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

”ශ්‍රී ලංකා පාලක මණ්ඩලයට මූල්‍ය හිඟය අවම කර ගැනීම සඳහා සතියකට පෙර එල්.පී.එල්. තරගාවලිය ආරම්භ කිරීමට අවශ්‍යයි කිව්වා. එබැවින් ඔවුන් එක්දින තරඟාවලිය ඉවත් කරන ලෙස අපෙන් ඉල්ලා සිටියා, අපි එය පිළිගත්තා,” යැයි මාධ්‍ය අධ්‍යක්ෂක සාමී උල් හසන් මහතා පැවසීය.

“එක්දින ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් නොවූ නිසා අපි ඒකට විරුද්ධ වුණේ නැහැ. තරගාවලියේ අවසන් කාලසටහන තවමත් සාකච්ඡා වෙමින් පවතිනවා. අපි එය ඉක්මනින් නිකුත් කරනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 


අදහස් (0)

එක්දින තරගාවලිය අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.