Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත ‘ඒ’ පිල 300 සීමාව ආසන්නයේ

එංගලන්ත ‘ඒ’ පිල 300 සීමාව ආසන්නයේ

ශනුක අරවින්ද - 2014 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජේම්ස් ටේලර් (70) සහ මොයීන් අලී (62) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 92 ක සම්බන්ධතාව මත සිටිමින් ඉනිම ගොඩනැංවූ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට එරෙහිව මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (12 වැනිදා) ආරම්භ වූ පළමු වැනි සිවුදින කි‍්‍රකට් තරගයේදී මුල් දිනයේ කී‍්‍රඩාව අවසන් වන විට කඩුලූ 9 ක් දැවී ලකුණු 299 ක් රැස්කරගෙන තිබිණ.

 
පිටියට පැමිණි අවස්ථාවේ සිටම ඉතා පහසුවෙන් ලකුණු හඹා ගිය මොයීන් අලී, ඒ වන විටත් පිටියේ රැඳී සිටි පිතිකරුවා වූ ජේම්ස් ටේලර්ගේත් විශ්වාසනීයත්වය උද්දීපනය කරමින් පන්දු 58 කදී ලකුණු 62 ක් ලබාගත්තේ අලංකාර හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් ශී‍්‍ර ලංකා ‘ඒ’ පන්දු යවන්නන්ට සංග‍්‍රහ කරමිනි.

අලී පන්දු යවන්නන්ට අත දිගහැර පහර දෙමින් සිටියදී හීන් සීරුවේ තමන්ගේ ලකුණු කරා ගිය ජේම්ස් ටේලර් හෝරා තුනකට වැඩි කාලයක් පිටියේ රැඳෙමින් ලකුණු 70 ක් ලබාගත්තේය.

ටේලර් ලකුණු 241 දී දැවී ගිය නමුත් පසුපෙළ පිතිකරුවන්ගේ ධෛර්යවත් පිතිහරඹය නිසා සංචාරකයෝ ලකුණු 300 සීමාව ආසන්නයටම පැමිණ සිටියහ.

සිය පළමු පන්දුවේදීම ඇලෙක්ස් ලීස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් ඉෂාන් ජයරත්න පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 16 කට සීමා කළේය. එහෙත් වසර කිහිපයකට ඉහතදී ද්‍රවිඩ සංගම් පිල වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ අන්තර් සමාජ තරගාවලියට කී‍්‍රඩා කළ වරූන් චොප්රා, ආරම්භක පිතිකරුවා වූ සෑම් රොබ්සන් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක් එක්කරමින් එංගලන්ත ‘ඒ’ පිල නැවතත් තරගයට කැඳවාගෙන ආවේය.

දිවා ආහාරයෙන් පසුව තරිඳු කෞෂාල්ගේ පන්දුවකින් චොප්රා දැවී යන විට හෙතෙම ලකුණු 58 ක් ලබා සිටි අතර පන්දු 69 කට මුහුණ දෙමින් ඒවායින් 7 ක් හතරේ සීමාවට යවා තිබිණ.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ධම්මික ප‍්‍රසාද්, චතුරංග ද සිල්වා සහ තරිඳු කෞෂාල් දිනයේ බිඳ වැටුණු කඩුලූ 9 ක් 8 ක් බෙදාහදා ගත්හ.

නිමාවූ අළු බඳුන තරගාවලියේදී එංගලන්තය වෙනුවෙන් කී‍්‍රඩා කළ ස්කොට් බෝර්ත්වික් ඇතුළු ටෙස්ට් කී‍්‍රඩකයෝ හය දෙනෙක් එංගලන්ත ලයන්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරති

හෙට (13 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි


ලකුණු පුවරුව

එංගලන්ත ‘ඒ’ (ලයන්ස් -පළමු ඉනිම
ඇලෙක්ස් ලීස් - ක.මු.කළා ප.ජයරත්න    10
සෑම් රොබ්සන් - ප.ධම්මික ප‍්‍රසාද්    17
වරූන් චොප්රා - ප.කෞෂාල්     58
ජේම්ස් ටේලර් - ඇ.දික්වැල්ල ප.කෞෂාල්    70
මොයීන් අලි - ඇ.තරංග ප.චතුරංග    62
ජොනී බෙයාර්ස්ටෝ - ක.මු. කළා ප.ධම්මික ප‍්‍රසාද්    0
කි‍්‍රස් වෝක්ස් - ඇ.කෞෂාල් ප.ධම්මික ප‍්‍රසාද්     8
ස්කොට් බෝර්ත්වික් - ක.මු.කළා ප.කෞෂාල්    35
ලයාම් ප්ලන්කට් - ප.චතුරංග ද සිල්වා     15
ග‍්‍රැහැම් ඔනියන්ස් - නොදැවී    16
ටයිමල් මිල්ස් - නොදැවී     1
අතිරේක     7
එකතුව  ඕවර 86 කදී කඩුලූ 9 ක් දැවී     299

කඩුලූ වැටීම:
1-16(ඇලෙක්ස්), 2-64(රොබ්සන්), 3-114(චොප්රා), 4-206(අලී), 5-211(බෙයාර්ස්ටෝ), 6-219(වෝක්ස්), 7-241(ටේලර්), 8-270(ප්ලන්කට්), 9-292(ස්කොට්),

පන්දු යැවීම:
ධම්මික ප‍්‍රසාද් : 19-4-56-3, විශ්ව ප‍්‍රනාන්දු : 15-3-37-0, ඉෂාන් ජයරත්න : 11-0-68-1, චතුරංග ද සිල්වා : 15-3-44-2, තරිඳු කෞෂාල් : 26-5-88-3

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම
උපුල් තරංග (නායක), උදාර ජයසුන්දර, භානුක රාජපක්‍ෂ, රොෂ්න් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මාධව වර්ණපුර, චතුරංග ද සිල්වා, තරිඳු කෞෂාල්, විශ්ව ප‍්‍රනාන්දු, ධම්මික ප‍්‍රසාද් සහ ඉෂාන් ජයරත්න

විනිසුරුවරු
ප‍්‍රගීත් රඹුක්වැල්ල සහ රෝහිත කොට්ටච්චි

 

 


අදහස් (0)

එංගලන්ත ‘ඒ’ පිල 300 සීමාව ආසන්නයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.