Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත යොවුන් පිල කඩුලු 4 කින් ජයගනී

එංගලන්ත යොවුන් පිල කඩුලු 4 කින් ජයගනී

editorial - 2019 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා, එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායම් අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන තුන් කොන් යොවුන් එක්දින ජාත්‍යන්තර තරගාවලියේ හත්වැනි තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත යොවුන් කණ්ඩායම ඊයේ (15 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 114 ක පහසු ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 33 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ඩෑන් මෝස්ලි පන්දු 62 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් එංගලන්ත යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය.

 දක්ෂ පන්දු යැවීමක නිතර වූ කවිඳු නදීෂාන් ලකුණු 33 කට කඩුලු 3 ක්ද, සුධීර තිලකරත්න ලකුණු 26 කට කඩුලු 2 ක්ද දවාගැනීමට සමත් වුවද, ඔවුන්ට ශ්‍රී ලංකා යොවුන් පිල පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
 
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 42.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 113 ක් පමණි. ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කමිල් මිෂාර පන්දු 50 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 23 ක් රැස්කළේය.

ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි අෂේන් ඩැනියෙල් පන්දු 41 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 19 ක් රැස්කළ අතර සොනාල් දිනූෂ පන්දු 38 කදී ලකුණු 18 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි.

ජෝජ් බැල්ඩර්සන් ලකුණු 18 කට කඩුලු 3 ක්ද, ස්කොට් කරී ලකුණු 18 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීම සඳහා දායක වූහ.

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 113
(කමිල් මිෂාර 23, අහන් වික්‍රමසිංහ 17, සොනාල් දිනූෂ 18, අෂේන් ඩැනියෙල් නොදැවී 19, ජෝජ් බැල්ඩර්සන් 18/3, ස්කොට් කරී 18/3, ජෝයි එවිසන් 18/2)

එංගලන්ත යොවුන් පිල - ඕවර 33 කදී කඩුලු 6 ක් දැවී 115
(බෙන් චාර්ල්ස්වර්ත් 24, ඩෑන් මෝස්ලි 43, ජැක් හේන්ස් 19, කවිඳු නදීෂාන් 33/3, සුදීර තිලකරත්න 26/2)

-036

 


අදහස් (0)

එංගලන්ත යොවුන් පිල කඩුලු 4 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.