සංචාරක එංගලන්ත පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ඇන්ටිගුවාහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (15 වැනිදා) කී‍්‍රඩාව අවසන් වන විට එංගලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 116 ක් රැස්කර ලකුණු 220 ක් ඉදිරියෙන් සිටියි.
ගැරී බැලන්ස් (නොදැවී 44) සහ ජෝ රූට් (නොදැවී 32) සිවුවැනි කඩුල්ලට ලකුණු 64 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.
එංගලන්ත පළමු ඉනිමේදී ඉයන් බෙල් පන්දු 256 කදී හතරේ පහර 20 ක් සමගින් ලකුණු 143 ක් රැස්කිරීමට සමත් විය. මෙය බෙල්ගේ 22 වැනි ටෙස්ට් ශතකයයි.
ඉයන් බෙල් සහ ජෝ රූට් (83) සිවුවැනි කඩුල්ලට ලකුණු 177 ක සම්බන්ධතාවක් පැවැත්වීම මෙහිදී කැපී පෙනුණි. බෙල් සහ බෙන් ස්ටෝක්ස් (79) පස්වැනි කඩුල්ලට ලකුණු 130 ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ.
මැද පෙළ පිතිකරු ජර්මේන් බ්ලැක්වුඞ් පන්දු 220 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 112 ක් රැස් කරමින් කොදෙව් පිල සටනක් දියහැකි තත්ත්වයකට රැගෙන ආවේය.
එංගලන්ත පිල පළමු ඉනිම ඕවර 110.4 කදී සියලූ දෙනා දැවී 399
(ඉයන් බෙල් 143, ජෝ රූට් 83, බෙන් ස්ටොකිස් 79, ක‍්‍රිස් ජොර්දන් නොදැවී 21, ජේම්ස් ඇන්ඩසන් 20, ජෙරමි ටේලර් 90/3, කීමර් රෝච් 94/4, ජේසන් හෝල්ඩර් 69/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 112.6 කදී සියලූ දෙනා දැවී 295
(ක්‍රෙග් බ‍්‍රැත්වයිට් 39, මාලන් සැමුවෙල්ස් 33, ශිවනරින් චන්ද්‍රපෝල් 46, ජර්මේන් බ්ලැක්වුඞ් නොදැවි 112, ජේම්ස් ඇන්ඩසන් 67/2, ස්ටුවට් බ්‍රෝඞ් 67/2, ජේම්ස් ටේරඞ්වෙල් 47/4)
එංගලන්ත පිල දෙවැනි ඉනිම ඕවර 38 කදී කඩුලූ 3 ට 116
(ගැරී බැලන්ස් නොදැවී 44, ජෝ රූට් නොදැවී 32, ජෙරමි ටේලර් 12/2)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.