Last Update  :  2025-08-17 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය භයංකාර සිහිනයකින් මිදෙයි

එංගලන්තය භයංකාර සිහිනයකින් මිදෙයි

editorial - 2019 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉදිරියේ එන අතිශය තියුණු තරගාවලියක් විය හැකි අළු බඳුන තරගාවලියට පෙර අයර්ලන්තය හමුවේ දුටු භයංකාර සිහිනයකින් මිදුණු එංගලන්ත නායක ජෝ රූට් තමන්ගේ කණ්ඩායමට දෙස් දෙවොල් නොතැබීමට පරෙස්සම් විය.

අයර්ලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 85 කට දැවී ගියේය. මුල් ඉනිමේදී ලකුණු 122 ක අවාසියකට මුහුණ දුන් නමුත් මුරකරු පිතිකරු ජැක් ලීච්ගේ (92) හොඳම ටෙස්ට් ඉනිම හේතුවෙන් අයර්ලන්තයට ලකුණු 182 ක ඉලක්කයක් ලැබිණ.

මෙම අවස්ථාවේදී ග්‍රහණය දැඩිකළ ක්‍රිස් වෝක්ස් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් දෙදෙනා අයර්ලන්ත දෙවැනි ඉනිම ලකණු 38 කට සීමා කරමින් එංගලන්තයේ ගෞරවය රැකගත්හ.

එංගලන්තය ලෝක කුසලාන දිනාගැනීමෙන් දෙසතියක් යාමටත් මත්තෙන් ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී එංගලන්තයට ලකුණු 143 ක ජයක් හිමිවිය. ඕවර 15.4 කදී අයර්ලන්ත ඉනිම අවසන් වූයේ ක්‍රිස් වෝක්ස් (17/6) සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් (19/4) දෙදෙනා දෙවැනි ඉනිමේදී කඩුලු 10 ම බෙදාහදාගත් බැවිනි.

දින 4 කට වෙන්කළ ටෙස්ට් තරගයක් වූවත් තරගයේ තුන්වැනි දින දිවා ආහාරයත් පෙරම තරගය අවසන් විය.
ලෝක කුසලානය දිනාගත් නමුත් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිහරඹය ගැන ඇත්තෙ කුකුසකි.
අයර්ලන්ත ජාතික තණතීරු සකස් කරන්නකු වන කාල් මැක්ඩොමට් විසින් මෙම තරගය සඳහා සකස් කරන ලද තණතීරුව ‘කමකට නැති එකක්’ යයි එංගලන්ත නායකයා අවධාරණය කරයි.

“පළමු ඉනිමේදීත්, අවසන් ඉනිමේදීත් ඒ වගේ ලකුණු සංඛ්‍යාවක් ලැබෙන එකම තණතීරුවේ පවතින දුර්වල තත්ත්වය වඩාත් හොඳින් පෙන්නුම් කරන්නක්”  යයි ජෝ රූට් කීවේය. කෙසේ වෙතත් එංගලන්ත පුහුණුකරු ටේ‍රවර් බේලිස් මහතා නම් එංගලන්ත ක්‍රීඩකයන්ගේ ආකල්ප සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.

“මේ වගේ තරගයක් වෙනුවෙන් අපි වෙහෙසවී වැඩ කරන්න ඕනා....ඉන්දියාව නැත්නම් ඕස්ටේ්‍රලියාව වගේ රටවල් එක්ක තරග කරද්දී අපි ඒ දේ කරනවා....ඒත් මේ අවස්ථාවේදී අපි මේ තරගය සැහැල්ලුවෙන් බාරගත්තා වගේ” යයි ද බේලිස් මහතා පැවසීය.

මේ දක්වා ටෙස්ට් තරග 3 කට පමණක් සහභාගි වී සිටින අයර්ලන්තය තරග තුනම පරාජය වී තිබේ.
ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ පළමු තරගය ලබන සතියේ බර්මින්හැම් නුවරදී ආරම්භ වෙයි. මේ වන විටත් අළු බඳුන තමන් සන්තකයේ තබාගෙන සිටින ඕස්ටේ්‍රලියානුවෝ වසර 19 කට පසුව එංගලන්තයේදී අළු බඳුන ජයක් සොයමින් සිටිති.


එංගලන්තය - පළමු ඉනිම 85 යි
(ජෝ ඩෙන්ලි 23, සෑම් කරන් 18, ඔලී ස්ටෝන් 19, ටිම් මර්ටග් 13/5, මාක් ඇඩෙයර් 32/3, බොයිඞ් රැන්කින් 05/2)

අයර්ලන්තය - පළමු ඉනිම 207 යි
(විලියම් පෝටර්ෆීල්ඞ් 14, ජේම්ස් මැකලම් 19, ඇන්ඩි බැල්බිරින් 55, පෝල් ස්ටර්ලින් 36, ටිම් මර්ටග් 16, ස්ටුවර්ට් බ්‍රෝඞ් 60/3, ඔලී ස්ටෝන් 29/3, සෑම් කරන් 28/3)

එංගලන්තය - දෙවැනි ඉනිම 303
(ජැක් ලීච් 92, ජේසන් රෝයි 72, ජෝ ඩෙන්ලි 10, ජෝ රූට් 31, ක්‍රිස් වෝක්ස් 13, සෑම් කරන් 37, ස්ටුවර්ට් බ්‍රෝඞ් නොදැවී 21, මාක් ඇඩෙයර් 66/3, බොයිඞ් රැන්කින් 86/2, ස්ටුවර්ට් තොම්සන් 44/3)

අයර්ලන්තය  - දෙවැනි ඉනිම 38
(ජේම්ස් මැකලම් 11, ක්‍රිස් වෝක්ස් 17/6, ස්ටුවර්ට් බ්‍රෝඞ් 19/4)

..


අදහස් (0)

එංගලන්තය භයංකාර සිහිනයකින් මිදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.