Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඊගල්ස් කුසලාන ගොල්ෆ් ශූරතාව කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයට

ඊගල්ස් කුසලාන ගොල්ෆ් ශූරතාව කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයට

editorial - 2025 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය සිවුවැනි වරටත් සංවිධානය කළ ඊගල්ස් කුසලාන සිවුකොන් ගොල්ෆ් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලකුණු 295 ක් ලබාගත් කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජය සමත් විය.
 
ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය, කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජය, වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩා සමාජය සහ නුවරඑලිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය යන ගොල්ෆ් ක්‍රීඩා සමාජ 4 තරග වැදුණු මෙම තරගාවලිය ත්‍රිකුණාමලය, චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගාවලියේ හොඳම ලඟ පහරට හිමි කුසලාන දිනාගැනීමට කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ තිලක් වනසිංහ මහතා සමත් වූ අතර හොඳම දුර පහරට හිමි කුසලාන දිනාගැනීමට ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජයේ ගෘප් කපිතාන් ප්‍රභාත් විජේකෝන් මහතා සමත් විය. 

වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ ෆ්‍රැන්සිස්කා ද මෙල් මහත්මිය විසින් හොඳම ලඟ පහරට හිමි (කාන්තා) කුසලාන දිනාගැනීමට සමත් වෙද්දී, හොඳම දුර පහරට හිමි (කාන්තා) කුසලාන දිනාගනු ලැබුවේ කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ දිලිනි හෙන්නායක මහත්මිය විසිනි. 

තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ කේ. දනුෂන් මහතාද, වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජයේ මනෝරි ජයකොඩි මහත්මියද කුසලාන දිනාගත්හ. 

මහජන බැංකුව නිල වෙළෙඳ ප්‍රවර්දන සහකරු ලෙස තරගාවලියට අනුග්‍රහය දැක්වූ අතර කාබන් ඇක්ටිවේටඩ් කොපරේෂන් සහ සරසවි ඉන්ඩ්‍රස්ටී්‍රස් පුද්ගල සමාගමද එහි අනුග්‍රහකයන් ලෙස කටයුතු කළේය. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදා අධ්‍යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා සහභාගි විය.  

- 036 


අදහස් (0)

ඊගල්ස් කුසලාන ගොල්ෆ් ශූරතාව කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.