Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉඳුනිල්ට රිදී : සුරංජිත්ට ලෝකඩ

ඉඳුනිල්ට රිදී : සුරංජිත්ට ලෝකඩ

ශනුක අරවින්ද - 2016 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කසකස්තාන් විවෘත මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ඉදුනිල් හේරත් මීටර 800 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය. කෙටිදුර ධාවන ශූර විනෝද් සුරංජිත් ද සිල්වා මීටර 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. මෙම තරගාවලිය ඊයේ (26) අවසන් විය.

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මීටර 200 ඉසව්වේ රන් පදක්කම දිනාගත් විනෝද්, කසකස්තාන් තරගාවලියේදී සිය හොදම තරග කාලය (තත්පර 20.93) වාර්තා කරමින් ලෝකඩ පදක්කම ලැබීය.

සුගත් තිලකරත්න ට (තත්පර 20.69) සහ ප‍්‍රසන්න අමරසේකර ට (තත්පර 20.80) පසුව ශ්‍රී ලංකා ක‍්‍රීඩකයකු වාර්තා කළ වේගවත්ම කාලය ලෙස ද සුරංජිත්ගේ මෙම දස්කම සැලකිය හැකිය. සුරංජිත් තරගාවලියට සහභාගිවීම සදහා ගමන් කිරීමේදී ගුවන් ගමන් ප‍්‍රමාද වීම නිසා දැඩි දුෂ්කරතාවන්ට ලක්වු බවද වාර්තා වේ.

මෙම ඉසව්වේ රියෝඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ කාලය සටහන් වන්නේ තත්පර 20.50 ක් ලෙසිනි.

මීටර 800 ඉසව්වේ (පිරිමි) සාග් රන් පදක්කම් ලාභී ඉදුනිල් හේරත්, මෙහිදී  රිදී පදක්කම දිනාගැනීමට විනාඩි 1. තත්පර 48.69 ක කාලයක් වාර්තා කරමිනි. ඉදුනිල් මෙම ඉසව්වේ හොදම කාලය වාර්තා කර ඇත්තේ විනාඩි 1. තත්පර 48.69 කි.

 


අදහස් (0)

ඉඳුනිල්ට රිදී : සුරංජිත්ට ලෝකඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.