Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉනිම අග්ගිස්සේදී ප්‍රචණ්ඩ ප්‍රහාරයක්
වි-20 ලෝක කුසලාන තරගාවලිය

ඉනිම අග්ගිස්සේදී ප්‍රචණ්ඩ ප්‍රහාරයක්

editorial - 2022 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අවසන් පන්දු 24 දී ලකුණු 57 ක් ලබාගත් නැමීබියානුවෝ, ජීලෝන්ග් හිදී අද (16 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 7 කට ලකුණු 163 ක් ලබාගත්හ. පන්දු 28 කින් ලකුණු 44 ක් ලබාගත් යාන් ෆ්‍රයිලින්ක්, අවසන් පන්දුවේදී දුවද්දී දැවී ගිය නමුත් ඔහු තම කණ්ඩායම වෙනුවෙන් යුතුකම ඉටුකර තිබිණ.

ඉනිමේ අග්ගිස්සේ ඕවර 4 ආරම්භ වන විට නැමීබියානු ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 6 කට 106 ක් ලෙසිනි. නැමීබියානුවන් අත තිබ්බේත් කඩුලු 4 කි. ඒ වන තෙක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් තරගය මනාව පාලනය කරගෙන සිටි නමුත්, හිටි අඩියේම තරගයේ පාලනය උදුරාගත් යාන් ෆ්‍රයිලින්ක් (44) සහ ජේ.ජේ. ස්මිත් (නොදැවී 31) දෙදෙනා, ලකුණු 163 ක් කරා නැමීබියානු පිල කැඳවාගෙන ගියහ.

නැමීබියානු ඉනිම අග්ගිස්සේ ඕවර 4 දී ලකුණු ලබාගැනීම  සටහන් වූයේ 10 ක්, 16 ක්, 18 ක් සහ 13  ක් වශයෙනි. ජේ.ජේ. ස්මිත් පන්දු 16 කින් ලකුණු 31 ක් ලබාගත්තේය.

සිය මුල් ඕවර තුනේදී ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගනිමින් සාර්ථක පන්දු යැවීමක නිරතව සිටි ප්‍රමෝද් මධුෂාන්ගේ අවසන් ඕවරයේදී ලකුණු 18 ක් උදුරාගත් ස්මිත් සහ ෆ්‍රයිලින්ක් දෙදෙනා ශ්‍රී ලංකා පන්දු යැවීම පහතටම ඇද දැම්මේය.

 

 


අදහස් (0)

ඉනිම අග්ගිස්සේදී ප්‍රචණ්ඩ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.