ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දෙවැනි දිනය සඳහා අද (16 වැනිදා) නතර කරන විට ජයග්‍රහණය සදහා ලකුණු 287 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව ලකුණු 35 කට කඩුලු 3 ක් අහිමිකර ගනිමින් දැඩි අසීරූතාවයකට පත්ව සිටියේය. දිනය නිමා වන විට චෙටේෂ්වර් පුජරා ලකුණු 11 ක් සහ පාර්තිව් පටේල් ලකුණු 5 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව තෙවැනි දිනයට ඊයේ (15 වැනිදා) තරගය නතර කරනවිට කඩුලු 2 ක් දැවී ලකුණු 90 ක් රැස්කරගෙන සිටියද ඊයේ දිනයේදී ඔවුන්ට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 258 ක් පමණි.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 80 ක් ලබාසිටි ඒ.බී. ඩිවිලියර්ස් දවාගනිමින් දකුණු අප්‍රිකාවට පීඩනයක් එල්ල කිරීමට මොහොමඩි ශාමී සමත් විය. පන්දු 121 කට මුහුණදුන් ඩිවිලියර්ස්ගේ ඉනිම හතරේ පහර 10 කින් අලංකාර විය. පළමු කඩුලු දෙක ලකුණු තුනක් තුළ දැවීයාමෙන් පසුව තෙවැනි කඩුල්ල සදහා එක්වූ ඩීන් එල්ගා සහ ඒ.බී. ඩිවිලියර්ස් ලකුණු 141 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය.
ඩිවිලියර්ස් දැවියාමෙන් අනතුරුව තවත් ලකුණු 19 ක් තුළ ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකුවූ ඩීන් එල්ගා සහ කුයින්ටන් ඩිකොක් ක්‍රීඩාගාරය වෙත යැවීමට මොහොමඞ් ශාමී සමත් විය.
කඩුලු එකින් එක බිඳ වැටෙන විට එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ දැමූ ෆෆ් ඩු ප්ලෙසී, ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ ඔහු අතටම ලබාදුන් උඩපන්දුවක් හේතුවෙන් ලකුණු 48 කට දැවී ගියේය.
වේගපන්දු යවන්නන්ට උචිත තණතීරුවේ පළමු ඉනිමේදී කඩුලු 4 ක් දවාගත් රවිචන්ද්‍රන් අශ්වින්ට දෙවැනි ඉනිමේදී දවාගැනීමට හැකිවූයේ දකුණු අප්‍රිකානු අවසන් පිතිකරුවා පමණි. අනෙක් කඩුලු නවයම වේගපන්දු යවන්නන්වූ මොහොමඞ් ශාමීට කඩුලු 4 ක්, ජස්ප්‍රීට් බුම්රාට කඩුලු 3 ක් සහ ඉෂාන්ත් ශර්මාට කඩුලු 2 ක් ලෙස බෙදී ගියහ.
දකුණු අප්‍රිකා පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 335
ඉන්දියා පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 307
දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 258
(ඩීන් එල්ගා 61, ඒ.බී. ඩිවිලියර්ස් 80, ෆෆ් ඩු ප්ලෙසී 48, වර්නන් ෆිලැන්ඩර් 26, මොහොමඞ් ශාමී 49/4, ජස්ප්‍රීට් බුම්රා 70/3, ඉෂාන්ත් ශර්මා 40/2)
ඉන්දියා දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී ලකුණු 35
(ලුන්ගි ගිදී 14/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.