
යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ (14 වැනිදා) පැවැති තරගයදී පාකිස්තානු යොවුන් කණ්ඩායම පරාජය කරමින් ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 90 ක පහසු ජයක් ලබාගත්හ.
ඉන්දිය යොවුන් පිලේ තරුණ තරුව වන වෛභාව් සූර්යවංශි (05) ඊයේ තරගයේදී අසාර්ථක වූ නමුත් ඒරන් ජෝර්ජ් ඇතුළු සෙසු පිතිකරුවෝ ලකුණු 240 ක් කරා ඉන්දීය පිල කැඳවාගෙන ගියහ. ලකුණු 241 ක ඉලක්කයක් කරා යාමේදී පාකිස්තානු යොවුන් පිලේ කඩුලු 4 ක් ලකුණු 30 ක් ඇතුළත බිඳ වැටීමෙන් පාකිස්තානුවෝ යළිත් හිස් එසවිය නොහැකි ලෙසින් අසරණ වූහ.
පාකිස්තානය වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ හුසාෆියා අසාන් පන්දු 83 කින් ලකුණු 70 ක් ලබාගත් නමුත් ඔහුට සහාය වීමට පසුපෙළ පිතිකරුවෙක් නොවීය. අවසානයේදී ඔව්හු ලකුණු 150 කට දැවී ගියහ.
ඉන්දීය යොවුන් කණ්ඩායම - ඕවර 46.1 කදී සියලු දෙනා දැවී 240 යි
(ආයුෂ් මහාත්‍රේ 38, ඒරන් ජෝර්ජ් 85, විහාන් මල්හොත්‍රා 12, අභිගයාන් කුන්දු 22, කනිෂ්ක් චෞහාන් 46, හේනිල් පතෙල් 12, මොහොමඩ් සයාම් 67/3, අබ්දුල් සුභාන් 42/3, නිකාබ් ශාෆික් 38/2)
පාකිස්තානු යොවුන් කණ්ඩායම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 150 යි
(උස්මන් ඛාන් 16, හුසාෆියා අසාන් 70, ෆර්හාන් යූසුෆ් 23, කිෂාන් සිං 33/2, දීපේෂ් දේවේන්ද්‍රන් 16/3, කනිෂ්ක් චෞහාන් 33/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.