Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානුවන් පරාජය කරමින් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා බංග්ලාදේශයට අවශ්‍යව තිබුණේ ලකුණු 136 කි. එහෙත් හාරිස් රවුෆ් සහ ෂහීන් ෂා අෆ්රිඩි කඩුලු 3 බැගින් දවා ගත් හෙයින් බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු 124 කට දැවී ගියහ. වසර 41 ක ඉතිහාසයක් ඇති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා පළමු වතාවට ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබාගත්හ.
තරගාවලියේ සැකිල්ල සකස් කරද්දී ආසියානු කුසලාන තරග සංවිධායකයන්ට හරියටම අවශ්‍ය වූයේත් එයයි. මෙම තරගාවලිය තුළදී ඉන්දියාව සහ පාකිස්තානය මීට පෙරත් දෙවරක් තරග කළ අතර අවසන් තරගයේදීත් දකුණු ආසියානු වෛරක්කාරයෝ යළිත් වරක් මුණ ගැසෙති.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බ්‍රහස්පතින්දා (25 වැනිදා) පැවැති තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයට පන්දු 20 කින් ලකුණු 39 ක් අවශ්‍යව තිබිණ. බංග්ලාදේශයේ බලාපොරොත්තු ෂමිම් හොසේන් කෙරෙහි රැඳී තිබුණි. එහෙත් ෂහීන් ෂා අෆ්රිඩිගේ මන්දගාමී පන්දුවකට වමත් පිතිකරුවා ගැසූ ‘රිවර්ස්-ස්කූප්’ පහරකින් පසුව බංග්ලාදේශයේ බලාපොරොත්තු අවසන් විය.
ඉනිම ආරම්භයේදී තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූ අෆ්රිඩි විසින් පර්වේස් හොසේන් එමොන් සහ තව්හීද් රිදෝයි දෙදෙනාවම පිටියෙන් ඉවත් කරන ලදි. ඉතා වේගයෙන් පන්දු යැවූ හාරිස් රවුෆ්, ප්‍රධානතම පිතිකරුවා වන සයිෆ් හසන් ඉවත් කිරීමට සමත් වීමත් සමගින් බංග්ලාදේශයට සිදුවූයේ අතපසුවීම නැවත අල්ලා ගැනීමටය. බංග්ලාදේශයේ අස්ථාවර මැද පෙළ පිතිකරුවෝ පාකිස්තානු දඟ පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු ලබාගැනීමට අසීරුවෙන් උත්සාහ කළහ. මේ අතරවාරයේදී මොහොමඩ් නවාස් සහ සයිම් අයුබ් දෙදෙනා කඩුලු තුනක් බෙදා ගනිමින් බංග්ලාදේශ පිල තව තවත් පීඩනයට ලක්කළහ.
ශමීම් හොසේන්, ටැන්සිම් හසන් සකීබ් සහ ටස්කින් අහමඩ් තිදෙනාම ලකුණු 04 ක් ඇතුළත දැවී යාමෙන් බංග්ලාදේශය අමාරුවේ වැටිණ. අවසානයේදී ජයග්‍රහණයට ලකුණු 11 ක් මෑතින් ඔව්හු නතර වූයේ ජයග්‍රහණය පාකිස්තානුවන්ට පූජා කරමිනි.
මෙම තණතීරුව පිතිකරුවන්ට නම් සුන්දර එකක් නොවීය. බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ පාකිස්තානු පිතිකරුවෝද අසරණ වූහ.
පාකිස්තානු ඉනිමේදී ලකුණු 49 කට කඩුලු 5 ක් දැවී ගිය අතර මෙම තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක්වූ ශහීන් ශා අෆ්රීඩි පන්දු 13 කින් ලකුණු 19 ක් ලබාගැනීම නිසා ඔව්හු යන්තම් හිස් එසවූහ. පාකිස්තානුවන් ලකුණු 135 ක් ලබාගත්තේ මොහොමඩ් නවාස් (25) සහ ෆාහිම් අශ්රෆ් (14) එක්ව පන්දු 24 කින් ලබාගත් ලකුණු 39 හේතුවෙනි.
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 8 ට 135 යි
(ෆකර් සමාන් 13, සල්මන් අඝා 19, මොහොමඩ් හාරිස් 31, ශහීන් ෂා අෆ්රීඩි 19, මොහොමඩ් නවාස් 25, ෆාහිම් අශ්රෆ් නොදැවී 14, ටස්කින් අහමඩ් 28/3, මහෙදි හසන් 28/2, රිෂාඩ් හොසේන් 18/2)
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 9 ට 124 යි
(යසිෆ් හසන් 18, මහෙදි හසන් 11, නුරුල් හසන් 16, ශමීම් හොසේන් 30, ටැන්සිම් හසන් සකීබ් 10, රිෂාඩ් හොසේන් නොදැවී 16, ශහීන් ෂා අෆ්රීඩි 17/3, හාරිස් රවුෆ් 33/3, සයිම් අයුබ් 16/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.