Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ අවසන් තරගයට යති
යොවුන් ආසියානු කුසලාන - 2025

ඉන්දියානුවෝ අවසන් තරගයට යති

editorial - 2025 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අරාබියට අකාලයේ වට වර්ෂාව හේතුවෙන් යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අද (19 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේ ආරම්භය ප්‍රමාද විය. ආරම්භය ප්‍රමාද වූවත් අප්‍රමාදවම දස්කම් අතරට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගත්තේ අවසන් මහ තරගයට දොරටුව විවර කරගනිමිනි. 

ඩුබායි නුවර අන්තර්ජාතික ක්‍රිකට් සභා විද්‍යාතන ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පන්දු 6 කට පමණක් මුහුණ දුන් වෛභාව් සූර්යවංශි ලකුණු 09 කට දැවී ගියේය. අනතුරුව පැමිණි ඒරන් ජෝර්ජ් (නොදැවී 58) සහ වමත් පිතිකරු විහාන් මල්හොත්‍රා (නොදැවී 61) තම කණ්ඩායම පහසුවෙන්ම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ මෙම පිතිකරුවන් දෙදෙනා ඒ සඳහා මුහුණ දුන්නේ පන්දු 87 කට පමණි. 

මෙම තරගාවලියේ තරග තුනකට සහභාගි වූ ඒරන් ජෝර්ජ්, එම තරග තුනේදීම අර්ධ ශතක ලබාගත්තේය. ඔහුගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 69, 85 සහ නොදැවී 58 ක් ලෙසිනි. 
යොවුන් ආසියානු කුසලාන තරගාවලිය එක්දින තරගාවලියක් ලෙසින් පැවැත්වෙන නමුත් තෙතබරිත ක්‍රීඩාංගණය හේතුවෙන් අවසන් පූර්ව තරගය ඕවර 20 කට සීමා කෙරිණ. 

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය යොවුන් නායක ආයුෂ් මහාත්‍රේ, පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. 

ඕවර 6 ක් ඇතුළත ලකුණු 28 කට කඩුලු 3 ක් දැවී ගිය නමුත් ශ්‍රී ලංකා යොවුන් නායක විමත් දින්සර (32) සහ චාමික හීනටිගල (42) එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 73 ක් දක්වා ඉහළ දැමූහ. එහෙත් විමත් දින්සර, කිත්ම විදානපතිරණ (07) සහ ආදම් හිල්මි (01) තිදෙනාම ලකුණු 11 ක් ඇතුළත දැවීයාම ශ්‍රී ලංකා යොවුන් පිල මහතා අසීරුතාවකට ඇද දැම්මේය. 

චාමික හීනටිගල (42) සහ සෙත්මික සෙනෙවිරත්න (30) එක්ව තරගයක් දිය හැකි ඉසව්වක් කරා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කැඳවාගෙන ගිය නමුත් මේ සිටින ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ එය අසීරු අභියෝගයක් විය. ඉන්දීය ක්‍රීඩකයෝ එතරම්ම ඉහළ මට්ටමක සිටිති. 


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 8 ට 138 යි
(විරාන් චමුදිත 19, විමත් දින්සර 32, චාමික හීනටිගල 42, සෙත්මික සෙනෙවිරත්න 30, හෙනිල් පතෙල් 31/2, කනිෂ්ක් චෞහාන් 36/2)

ඉන්දීය යොවුන් කණ්ඩායම - ඕවර 18 කදී කඩුලු 2 ක් දැවී 139 යි
(ඒරන් ජෝර්ජ් නොදැවී 58, විහාන් මලහොත්‍රා නොදැවී 61, රසිත් නිම්සර 3142) 
 
- 213


අදහස් (0)

ඉන්දියානුවෝ අවසන් තරගයට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.