Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දිකගේ පදක්කම් බලාපොරොත්තු බිඳ වැටෙයි
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ඉන්දිකගේ පදක්කම් බලාපොරොත්තු බිඳ වැටෙයි

editorial - 2022 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 73 බර පංතිය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක එම ඉසව්ව අවසන් කිරීමට අසමත් විය. ස්නැච් ක්‍රමයට අනුව එම ඉසව්වේ සිවුවැනි ස්ථානයට පත්වූ ඉන්දිකට, ක්ලීන්ට ඇන්ඩ් ජර්ක් ක්‍රමයට අනුව එක් උත්සාහයක්‍ ‍හෝ සාර්ථක කර ගැනීමට‍ නොහැකි විය.

ඉන්දික අවසන් වරට 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේදී කිලෝ ග්‍රෑම් 69 බර පංතියේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනාදුන් ක්‍රීඩකයාය. පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලීන්හිදී 2013 සහ 2015 යන වසරවල රිදී පදක්කම් දිනාගත් ඉන්දික, 2017 සහ 2021 වසරවලදී ලෝකඩ පදක්කම් දිනාගැනීමටද සමත් විය.

මෙවර තරගාවලියේදී ස්නැච් ක්‍රමයට අනුව ඉන්දික දැරූ පළමු උත්සාහය අසාර්ථක වුවද, දෙවැනි උත්සාහයේදී කිලෝ ග්‍රෑම් 129 ක්ද, දෙවැනි උත්සාහයේදී කිලෝ ග්‍රෑම් 133 ක් එසවීමට ඔහු සමත් විය. කෙසේ වුවත් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට අනුව පළමු උත්සාහයේදී කිලෝ ග්‍රෑම් 160 ක්ද, දෙවැනි උත්සාහයේදී කිලෝ ග්‍රෑම් 161 ක්ද, තෙවැනි උත්සාහයේදී කිලෝ ග්‍රෑම් 167 ක්ද එසවීමට ඉන්දික දැරූ ප්‍රයත්නයන් අසාර්ථක විය.

නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාවේ අචින්ටා සෙවුලි සමත් වූ අතර එහිදී ඔහු එසවූ මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 313 කි. මැලේසියාවේ හිදායත් ‍මුහම්මද් කිලෝ ග්‍රෑම් 303 ක් ඔසවමින් රිදී පදක්කමටද, කැනඩාවේ ෂාඩ් ඩර්සිංනි කිලෝ ග්‍රෑම් 298 ක් ඔසවමින් ලෝකඩ පදක්කමටද හිමිකම් කීහ.


අදහස් (0)

ඉන්දිකගේ පදක්කම් බලාපොරොත්තු බිඳ වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.