Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආරාධිත විස්සයි-20 ක්‍රිකට් ලීගය හෙට ඇරඹේ

ආරාධිත විස්සයි-20 ක්‍රිකට් ලීගය හෙට ඇරඹේ

editorial - 2022 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි-20 ක්‍රිකට් ලීගය හෙට (8 වැනිදා) ආරම්භ වීමට නියමිතය. 

රෙඩ්ස්, බ්ලූස්, ග්‍රීන්ස් සහ ග්‍රේස් යන කණ්ඩායම් 4 සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 3 සමගින් එක් වරක් බැගින් තරග වදිනු ඇත. මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වේ. 

ජාත්‍යන්තර වරම් දිනූ සහ පළමු පෙළ තරග සඳහා සහභාගි වන ක්‍රීඩකයන් 60 දෙනකු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම තරගාවලිය සඳහා තෝරාගනු ලැබ සිටිති. එහිදී දසුන් ශානක (ග්‍රීන්ස්), චරිත් අසලංක (බ්ලූස්), කුසල් මෙන්ඩිස් (රෙඩ්ස්) සහ අෂාන් ප්‍රියංජන් (ග්‍රේස්) කණ්ඩායම් 4 නායකයන් ලෙස කටයුතු කරති. 

දින 4 ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 7 ක් ඇතුළත් වේ. එක් දිනකදී තරග 2 ක් පැවැත්වෙන අතර පළමු තරගය පස්වරු 3.00 ත්, දෙවැනි තරගය විදුලි ආලෝකය මධ්‍යයේ රාත්‍රී 7.30 ත් ආරම්භ වේ. අවසන් මහ තරගය අගෝස්තු 16 වැනිදා රාත්‍රී 7.30 ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියට එක්වන සංචිත

රෙඩ්ස් කණ්ඩායම
කුසල් මෙන්ඩිස් (නායක), ලසිත් කෘස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ළහිරු මදුෂංක, මතීෂ පතිරණ, මහේෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, පබසර වඩුගේ, කළණ පෙරේරා, කෙවින් කොත්තිගොඩ සහ සිතාර ගිම්හාන.

බ්ලූස් කණ්ඩායම
චරිත් අසලංක (නායක), ධණුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, ප්‍රමෝද් මදුශාන්, ළහිරු කුමාර, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත, ළහිරු උදාර, ළහිරු සමරකෝන්, අෂේන් ඩැනියල් සහ නිපුන් රංසික

ග්‍රීන්ස් කණ්ඩායම
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, නුවනිඳු ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂාන් සඳකැන්, සමන්ද ප්‍රනාන්ද, දිල්ෂාන් මදුශංක, නිමේෂ් විමුක්ති සහ සචිඳු කොළඹගේ.

ග්‍රේස් කණ්ඩායම
අෂාන් ප්‍රියංජන් (නායක), අෂාන් රන්දික, සංගීත් කුරේ, තනුක දාබරේ, මිනෝද් භානුක, මොවින් සුබසිංහ, මුදිත ලක්ෂාන්, අකිල ධනංජය, දුවිඳු තිලකරත්න, මිලාන් රත්නායක, ලක්ෂාන් ගමගේ, නිම්සර අතරගල්ල, පුලින තරංග, තරිඳු රත්නායක සහ කසුන් විදුර අධිකාරි


අදහස් (0)

ආරාධිත විස්සයි-20 ක්‍රිකට් ලීගය හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.