ශ්රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන අන්තර්ජාතික ටෙනිස් සම්මේලන කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේ බාලක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අවින්ද්ර පෙරේරා සමත් විය. අද (22 වැනිදා) පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස (6/3 6/3) ජපානයේ කෙන්ජිරෝ ශිමිසු පරාජය කරමින් ඔහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ඒ අනුව ශ්රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්රීඩාංගණයේදී හෙට (23 වැනිදා) පෙරවරු 9.00 ට ආරම්භ අවසන් මහ තරගයේදී යුක්රේනයේ එරික් වැන්ෂෙල්බොයිම්ට එරෙහිව අවින්ද්ර තරග බිමට පිවිසීමට නියමිතය.
මූලික වටයේදී වට 2-0 ක් ලෙස (6/3, 6/1) වියට්නාමයේ ටූලේ ඛාන්ඩුයි පරාජය කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අවින්ද්ර, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ එහිදී වට 2-0 ක් ලෙස (6/2, 6/2) චීන තායිපේහි චින් ශෙන්ග් චුවාන්ග් පරාජය කරමිනි. අර්ධ අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස (6/4, 6/4) ඉන්දියාවේ පියුෂ් සුරේන්ද්ර සලේකාර් පරාජය කරමින් ඔහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ඊයේ (21 වැනිදා) පැවැති බාලිකා අර්ධ අවසන් පූර්ව තරගයකදී මැලේසියාවේ සාරා නායර්ට එරෙහිව නිතරග ජයක් ලැබූ සවිනි ජයසූරියට, අද පැවැති අවසන් පූර්ව තරගයකදී චීන තායිපේහි යූ චින් සායි හමුවේ තරග වට 2-0 ක් ලෙස (6/0, 6/1) පරාජයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවත් වීමට සිදිවූවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.