Last Update  :  2025-12-21 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවින්ද්‍ර - ආඩවන් අවසන් තරගයට

අවින්ද්‍ර - ආඩවන් අවසන් තරගයට

ශනුක අරවින්ද - 2015 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ජාතික කණිෂ්ට ටෙනිස් ශූරතාවලියේ වයස 18 න් පහළ කේවල (බාලක) අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අවින්ද්‍ර පෙරේරා සහ ආඩවන් පුෂ්පරාජ් අද (11 වැනිදා) සමත් වූහ.

අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ක් ලෙස චේන් ප‍්‍රනාන්දු පරාජය කරමින් අවින්ද්‍ර පෙරේරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ආඩවන් පුෂ්පරාජ් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ක් ලෙස සවිත් වීරසිංහ පරාජය කරමිනි.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී කණිෂ්ට ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන බී. සුරේන් පරාජය කිරීමට අවින්ද්‍ර පෙරේරා සමත් වූ අතර කණිෂ්ට ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන අනීෂ් විජේසිංහ පරාජය කිරීමට ආඩවන් පුෂ්පරාජ් සමත් විය.

වයස 18 න් පහළ බාලක කේවල අවසන් මහ තරගය සහ බාලිකා කේවල අවසන් මහ තරගයද හෙට (12 වැනිදා) පෙරවරු 9.00 සිට කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරන අතර තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කරයි.

වයස 18 පහළ බාලක අවසන් පූර්ව වටය

  • අවින්ද්‍ර පෙරේරා විසින් තරග වට 2-1 ලෙස චේන් ප‍්‍රනාන්දු පරාජය කරන ලදි. (3/6, 7/6, 7/6)
  • ආඩවන් පුෂ්පරාජ් විසින් තරග වට 2-1 ලෙස සවිත් වීරසිංහ පරාජය කරන ලදි. (2/6, 7/5, 6/4)

 


අදහස් (0)

අවින්ද්‍ර - ආඩවන් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.