Last Update  :  2025-12-16 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවශ්‍ය සහයෝගය මට තියෙනවා - මාවන්

අවශ්‍ය සහයෝගය මට තියෙනවා - මාවන්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම තවදුරටත් දියුණුව කරා කැඳවාගෙන යාමට අවශ්‍ය සහයෝගය තමන්ට ඇතැයි තමන් තදින්ම විශ්වාස කරන බවත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ කෙටි සහ දිගු කාලීන (සීමිත  ඕවර සහ ටෙස්ට්) තරගවලදී ශී‍්‍ර ලංකාව සාර්ථකත්වය කරා ගෙන යා හැකි තරුණ කී‍්‍රඩකයන් රැසක්ම තමන් සමග සිටීම වාසනාවක් බවත් ශී‍්‍ර ලංකා පිලේ නව පුහුණුකරු මාවන් අතපත්තු මහතා පවසයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් ඊයේ (25 වැනිදා) වැඩ බාරගත් මාවන් අතපත්තු මහතා අද (26 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡවකදී මෙසේ පැවසීය.

”මේ තරුණ කී‍්‍රඩකයන් පිරිස දිගින් දිගටම දියුණු වෙන්න උත්සාහ කරනවා”
”කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වශයෙන් මගේ රට නියෝජනය කිරීමටත්, මගේ රටේ කණ්ඩායමට නායකත්වය දීමටත් මම වාසනාවන්ත වුණා. ඒ වගේම මගේ නව තනතුර අනුව, මගේ උපරිම දැනුම මේ අයට දීලා ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් මේ තරුණ කී‍්‍රඩකයන් ඉදිරියට ගෙන යාම මගේ එකම ආශාවයි” යයිද මාවන් අතපත්තු මහතා පැවසීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් ශී‍්‍ර ලාංකිකයකු ස්ථිර වශයෙන් පත්කෙරුණේ දශක එක හමාරකකට ආසන්න කාලයකට පසුවය. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ස්ථිර පුහුණුකරුවා වශයෙන් අවසන් වරට කටයුතු කළ ශී‍්‍ර ලාංකිකයා වූයේ 1999 දී ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරුවා වූ රෝයි ඩයස් මහතාය.

ඉන් අනතුරුව වසර 2011 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව මාස තුනක පමණ කාලයක් රුමේෂ් රත්නායක මහතා ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළද එය ස්ථිර පත්කිරීමක් නොවීය.

ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කිරීමට එකග වූයේ කොපමණ කාලයකටද යන්න කළ විමසීමේදී මාවන් අතපත්තු මහතා කීවේ තවමත් ඒ පිළිබඳ එකගතාවකට පැමිණ නැති බවයි .

”ඇත්තම කියනවා නම් මා තවමත් මගේ ගිවිසුම දැක්කේ නෑ. මා හිතන්නේ ලබන සඳුදා (29 වැනිදා) විතර  වන විට එ යමට ලැබේවි” යයි අතපත්තු මහතා පැවසීය. කෙසේ වෙතත් ලබන වසර මුලදී  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් දැන් සිටම කටයුතු කිරීමට සිදුවන හෙයින් ලෝක කුසලාන තරගාවලිය දක්වා තමන්ට පුහුණුකරු ධූරයේ කටයුතු කිරීමට සිදුවන බව අතපත්තු මහතා දැන සිටී.

”පසුගිය ජනවාරි මාසයේ ඉඳන්ම අපි ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළා. අපි ක‍්‍රම ක‍්‍රමයෙන් තමා එතැනට ආවේ. අප විසින් මේ දක්වා කරන ලද දේ පිළිබඳව ඉතාමත් සතුටු විය හැකියි”

”අනෙක් අතට කියන දේ අහන, යමක් ඉගෙන ගැනීමට කැමති කී‍්‍රඩකයන් පිරිසක් අපට ඉන්නවා. ඔවුන්ගේ වෘත්තීය මට්ටම කියාපාන්නේ ඔවුන් තවදුරටත් ඉදිරියට යාමේ සූදානමින් සිටින බවයි...ඒ නිසා මේ කී‍්‍රඩකයන්ව ප‍්‍රවේසමෙන් ඉදිරියට ගෙන යන එක කළමණාකාරීත්වය බාරව සිටින අප සතු වගකීමක්” යයිද මාවන් අතපත්තු මහතා පැවසීය.


අදහස් (2)

අවශ්‍ය සහයෝගය මට තියෙනවා - මාවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.