Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අපේ පාපන්දුව තාම කලල අවස්ථාවේ - සභාපති

අපේ පාපන්දුව තාම කලල අවස්ථාවේ - සභාපති

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ පාපන්දු කී‍්‍රඩාව තවමත් පවතින්නේ නූපන් බිළිදෙකුගේ මට්ටමේ තත්ත්වයකින් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පැවසීය.

මලයාසියාවේ ‘ක්වාලාලාම්පූර්’ නුවර පිහිටි ආසියානු පාපන්දු සමුළු මූලස්ථානයේදී ඔහු එසේ පැවසුවේ එහි පැවති වැඩ මුළුවකට සහභාගිවූ ශ්‍රී ලංකාවේ පාපන්දු ලීග නියෝජිතයන් අමතමිනි.

මෙරට සියළුම පාපන්දු ලීගවල ලේකම්වරුන් ඇතුළු මෙරට පාපන්දු නියෝජිතයන් 55දෙනෙකු එම අවස්ථාවට සහභාගි වූහ.

එය එක් රටකින් එතෙක් ආසියානු පාපන්දු සමුළුවේ වැඩමුළුවකට සහභාගිවූ වැඩිම නියෝජිත පිරිස ලෙස සැලකේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ආසියානු පාපන්දු සමුළුව ඒ සඳහා අනුග‍්‍රහය දැක්වීය.

එහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා පාපන්දු නියෝජිත පිරිස අමතමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ පාපන්දු කී‍්‍රඩාවේ වත්මන් තත්ත්වය කෙබඳුදැයි දැන ගැනීමට නම් රටෙන් පිටට පැමිණිය යුතු බවය.

”නූතන අන්තර්ජාතික පාපන්දු කී‍්‍රඩාව කෙබඳුදැයි අඩු තරමින් කිසියම් නිගමනයකට හෝ පැමිණෙන ශ්‍රී ලංකා පාපන්දු නියෝජිතයන්ට මෙම සංචාරය ඉවහල් වූ බව සිතිය හැකියි.

”ශ්‍රී ලංකාවේ පාපන්දු කී‍්‍රඩාව අද කොහෙද තිබෙන්නෙ. ඒක හරියට නූපන් බිළිදකු හා සමානයි. හැමදේම මුල ඉඳලාම හිතන්න වෙලා....සමහරු හිතන්නෙ  සෙල්ලම්  කරන ටීම් දෙකේ කී‍්‍රඩකයන් 22 යි, ලයින්ස්මන් ලා දෙන්නයි, විනිසුරුයි විතරයි පාපන්දු කියන්නේ කියලා. ඇත්ත කතාව ඒකයි” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

වැඩමුළුව නිමාවේදී රංජිත් රුද්‍රිගු මහතාගේ නායකත්වයෙන් යුත් සංචාරක ශ්‍රී ලංකා නියෝජිතයන්ගේ කණ්ඩායම හා ආසියානු පාපන්දු සමුළු නියෝජිතයන්ගේ කණ්ඩායම අතර සුහද පාපන්දු තරගයක්ද පැවැත්වුණි. එහි ජයග‍්‍රහණය ගෝල 5-2 කට ආසියානු සමුළු නියෝජිත කණ්ඩයම අත්කර ගත්තේය.

මේ අතර මෙරට පාපන්දු ලීග සභාපතිවරුන් හා කී‍්‍රඩා මාධ්‍යවේදීන් වෙනුවෙන් අන්තර්ජාතික  පාපන්දු සමුළුව සංවිධානය කරන එක් දින දැනුවත් කිරීමේ වැඩමුළුවක් ලබන පෙබරවාරි 19 වැනිදා හබරණ සංචාරක හෝටලයකදී පැවැත්වීමට සැලසුම්කර ඇතැයි රංජිත් රුද්‍රිගු මහතා ”ලංකාදීප”ය කළ විමසුමකදී පැවසීය.


අදහස් (0)

අපේ පාපන්දුව තාම කලල අවස්ථාවේ - සභාපති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.