Last Update  :  2025-10-29 19:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අනූෂාගෙන් පාසල් සිසු - සිසුවියන්ට නොමිළේ බොක්සිං පුහුණුව

අනූෂාගෙන් පාසල් සිසු - සිසුවියන්ට නොමිළේ බොක්සිං පුහුණුව

editorial - 2025 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සඳලංකාව හේමලතා ඩී. හේවගේ)

පාසල් බොක්සිං ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට රැගෙන යාමේ අරමුණින් ජාතික හා ජාත්‍යන්තර බොක්සිං පදක්කම් ලාභිණි අනුෂා කොඩිතුවක්කු  විසින් පාසල් සිසු සිසුවියන්ට නොමිලයේ බොක්සිං පුහුණුව ලබාදීම සඳහා ස්ථාපිත කළ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කරන ලදි.

මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ හිටපු සභාපතිවරයකු මෙන්ම වර්තමානයේ ජෝර්ජියානු කොන්සල්වරයා වන ඩයන් ගෝමස් මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන යන මහත්වරුන් විසින් පන්නල ප්‍රදේශයේදී විවෘත කරන ලදි.

ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකළ පන්නල නගරයේදී මෙම ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම මගින් ග්‍රාමීයව වෙසෙන ප්‍රාථමික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ බොක්සිං පුහුණුවක්  ලබාදීමට අවස්ථාව උදාවන බව ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ හිටපු සභාපති ඩයන් ගෝමස් මහතා පැවසීය.

2001 වසරේ බොක්සිං ක්‍රීඩාවට අවතීර්ණ වූ අනුෂා කොඩිතුවක්කු ආසියාතික බොක්සිං ශූරතාවලිය, ලෝක බොක්සිං  ශූරතාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං  ශූරතාවලිය ඇතුළු ජාතික හා ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගි වී පදක්කම් දිනාගත් ක්‍රීඩිකාවකි. තමන් ලද අත්දැකීම් සහ පුහුණුව මුදල් අය කිරීමකින් තොරව නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදීම එකම පරමාර්ථය බව අනුෂා කොඩිතුවක්කු පැවසුවාය.

ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව එහි නිල වෙබ් අඩවිය විවෘත කිරීම සහ පාසල් ක්‍රීඩක ක්‍රීඩකාවන් වෙත බොක්සිං ක්‍රීඩාව සඳහා යොදා ගන්නා අත් ආවරණ ඩයන් ගෝමස් මහතා සහ හිටපු බොක්සිං ක්‍රීඩකයන් ‍විසින් පිරිනමන  ලදි.

මෙම අවස්ථාවට මාස් ඉන්ටිමේට් ආයතනයේ නිෂ්පාදන කළමනාකරු රොහාන් දවුලගල, මාස් ඉන්ටමේට් ආයතනයේ මානව සම්පත් සාමාන්‍යාධිකාරී ප්‍රේමිල් අත්තනායක යන මහත්වරුන් ඇතුළු හිටපු බොක්සිං ක්‍රීඩක අනුරුද්ධ රත්නායක, නිල්මිණි ජයසිංහ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 

01 ආරාධිත අමුත්තන් උත්සව භූමිය වෙත කැඳවාගෙන එන අයුරු

 

02 බොක්සිං  ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාව

 

03 ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ හිටපු සභාපති හා ජෝර්ජියානු කොන්සල්ට ඩයන් ගෝමස් මහතා විසින් පුහුණුවන පාසල් සිසුන් වෙත බොක්සිං ක්‍රීඩාව සඳහා උපයෝගී කරගන්නා අත්වැසුම් පරිත්‍යාග කරන අයුරු.


අදහස් (0)

අනූෂාගෙන් පාසල් සිසු - සිසුවියන්ට නොමිළේ බොක්සිං පුහුණුව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.