Last Update  :  2026-01-10 19:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මූලස්ථානය කොළඹට ?

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මූලස්ථානය කොළඹට ?

ශනුක අරවින්ද - 2013 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මූලස්ථානය වෙනස් කිරීම සම්බන්ධයෙන් උනන්දු වන එහි අධක්‍ෂක මණ්ඩලය ඒ සඳහා සුදුසු ස්ථානයක් සොයා බලා නිර්දේශ කරන ලෙස අන්තරජාතික සමාගමකට පවරා තිබේ. මෙම තත්ත්වය යටතේ නව කි‍්‍රකට් මූලස්ථානය පිහිටුවීම සඳහා කොළඹ නගරය තෝරා ගැනීම සම්බන්ධයෙන් සිතා බලන ලෙස යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වෙයි.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාව සිය මූලස්ථානය වෙනස් කිරීමට සූදානම් වන්නේ පසුගිය වසර එක හමාරක පමණ කාලයේදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ රැස්වීම් පැවැත්වීමේදී විවිධ අපහසුතා පැන නැගුණ හෙයිනි.

මෙම කරුණ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වූ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ඉන්දීය සහ එංගලන්ත නියෝජිතයෝ මූලස්ථානය හොං කොං හි පිහිටුවන ලෙස යෝජනා කර තිබේ. මූලස්ථානය ඩුබායි නගරයෙන් පිටතට ගෙනයාම සම්බන්ධයෙන් තවදුරටත් එකග වූ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ උප සභාපතිවරයකු වන මුස්තාෆා කමල් මහතා ඒ සඳහා සිංගප්පූරුව ඉතාමත් යෝග්‍ය බව පවසා ඇතැයිද අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

ඒ සඳහා උපරිම සහයෝගය දැක්වීමට සිංගප්පූරු කි‍්‍රකට් සංගමයේ සභාපතිවරයා මෙන්ම අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අධ්‍යක්‍ෂවරයකුද වන ඉම්රාන් හමීඞ් මහතා ඉදිරිපත් වී ඇතැයිද වාර්තාවේ.

මෙම තත්ත්වයන් සලකා බැලීමෙන් පසුව පසුගියදා පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ රැස්වීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන නියෝජිතයා ඉල්ලා ඇත්තේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මූලස්ථානය වෙනස් කරන්නේ නම් එය ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩා කරන රටක පැවැත්වීම වඩාත් යෝග්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් කළ විමසීමකදී එහි විධායක කමිටු සාමාජිකයකු පවසා සිටියේ ශී‍්‍ර ලංකා රජය සමග සාකච්ඡ කිරීමෙන් පසුව කිසියම් ආකාරයක බදු සහන ලබාදීමේ එකගතාව මත අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මූලස්ථානය ශී‍්‍ර ලංකාවේ පිහිටුවන්න’යි ආරාධනා කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වන බවයි.

”බදු සහන දෙන්න එකගතාවක් ඇතිකර ගැනීමෙන් මෙතැනදී කිසිම පාඩුවක් සිදුවන්නේ නෑ.. මොකද මූලස්ථානය කොළඹට ගෙනාවොත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මුදල් වැඩි හරියක් සංසරණය වන්නේ ශී‍්‍ර ලංකාව තුළයි” යයි විධායක කමිටු නිලධාරියා ලංකාදීපයට පැවසීය.

”ඒ විතරක් නෙමෙයි,. විවිධ රැස්වීම් වගේම අනෙකුත් අවශ්‍යතාත් වෙනුවෙන් ලංකාවට එන අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සහ කි‍්‍රකට් ගහන සෙසු රටවල නියෝජිතයන්ගේ මුදල් පවා කොළඹට ගලාගෙන එනවා. ඒ මුදල් ශී‍්‍ර ලංකාවේ ගුවන් සේවා සමාගම් වල සිට හෝටල් හිමිකරුවන්ටත් ප‍්‍රවාහන සේවා සපයන්නන් ඇතුළු බොහෝ ක්ක්‍ෂේත‍්‍ර වල පැතිරී යනවා” යයිද එම නිලධාරියා වැඩිදුරටත් ලංකාදීපයට පැවසීය.

1990 දශකය දක්වාම එංගලන්තයේ තිබූ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මූලස්ථානය ව්‍යාපාරික අරමුණු ඉලක්ක කරගනිමින් අයර්ලන්තයේ අගනුවර හෝ මොනෑකෝ නුවර පිහිටුවීමට සූදානම් වූයේ බදු සහන බලාපොරොත්තුවෙනි. එහෙත් පසුව එය ව්‍යාපාරික ලෝකයේ කේන්ද්‍රස්ථානයක් වූ ඩුබායි නරගය දක්වා ගෙන එන ලදි.

එසේ වුවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ රැස්වීම් සඳහා ඩුබායිහි පිහිටි මූලස්ථානය යොදාගත නොහැකි වීමේ හේතු කිහිපයක් නිසා මූලස්ථානයට කිලෝ මීටර කිහිපයක් මෑතින් පිහිටි තරු පහේ හෝටලයක් යොදාගැනීමට සිදුවිය. අන්තර්ජාතික කි‍්‍රකට් සභා මූලස්ථානයේදී අවසන් වරට රැස්වීමක් පැවැත්වී ඇත්තේ වසර 2012 අපේ‍්‍රල් මාසයේදීය.

මේ මාසයේදී පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් සභා රැස්වීම පැවැත්වූයේද එංගලන්තයේදීය.

 


අදහස් (1)

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මූලස්ථානය කොළඹට ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.