එක්දින පන්දු යවන්නන් අතරේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වන පාකිස්තානු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක සයිඞ් අජ්මාල්ට වහාම ක‍්‍රියාත්මක වන පරිදි පන්දු යැවීම තහනම් කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.
අජ්මාල් පසුගිය මස අගදී බි‍්‍රස්බේන්හි ජාතික ක‍්‍රිකට් මධ්‍යස්ථානයේදී පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්‍ෂණයකට සහභාගි වූ අතර එහි
වාර්තාව සැළකිල්ලට ගනිමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙම තහනම පනවා තිබේ.
ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව අගෝස්තු මස 6 වැනිදා සිට පැවැති පළමු ටෙස්ට් තරගයේදී අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට එම තරගයේ විනිසුරුවෝ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට පැමිණිලි කළහ.
අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට 2009 වසරේ ද පැමිණිලි ලැබුණු අතර පසුව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ඔහුගේ පන්දු යැවීමේ නීති විරෝධි නොවන බවට තීරණය කළේය.
පාකිස්තානු පිලේ ප‍්‍රධානතම දඟ පන්දු යවන්නා වන 36 හැවිරිදි අජ්මාල් මේ වන විට ටෙස්ට් තරග 35 කදී කඩුලූ 178 ක් දවාගෙන තිබේ. අජ්මාල් එක්දින තරග 111 කදී කඩුලූ 183 ක් දවා ගැනීමට සමත්ව සිටියි.
ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිමේදී අජ්මාල් ඕවර 59.1 ක් යවමින් ලකුණු 166 කට කඩුලූ 5 ක් දවාගත්තේය.
අනතුරුව කොළඹදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ අජ්මාල් සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්‍ෂණයට බි‍්‍රස්බේන් බලා පිටත්ව යාම නිසා හම්බන්තොටදී පැවැති පළමු වැනි සහ දෙවැනි එක්දින තරග දෙකටම කී‍්‍රඩා නොකළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.