පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධි යැයි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පන්දු යැවීම තහනම් කර තිබූ පාකිස්තානු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක සයිඞ් අජ්මාල්, පාකිස්තානය සහ බංග්ලාදේශය අතර හෙට (17) ආරම්භ වන එක්දින තරගාවලියේදී නැවතත් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට පිවිසීමට සූදානමින් සිටියි.
අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි යැයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් නිර්දේශ කරනු ලැබීම නිසා අජ්මල් පසුගිය සැප්තැම්බර් මස තාවකාලික තරග තහනමකට ලක්විය. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී අජ්මාල්ගේ පන්දු යැවිමේ ඉරියව් සැක සහිත යයි විනිසුරුවන් පැමිණිළි කර තිබුණි.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිමයන්ට අනුව පරීක්‍ෂණයන්ට මුහුණදීමෙන් පසුව පසුගිය පෙබරවාරි මාසයේදී නව ඉරියව්වකින් පන්දු යැවීම ඇරඹූ සයීඞ් අජ්මල්ට නැවත වරක් අන්තර්ජාතික තරග වලදී පන්දු යැවීමට අවසර ලැබිණ. එසේ වුවද ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අජ්මල්ට අහිමිවිය.
බංග්ලාදේශ සංචාරයට පිටත්ව යෑමට පෙර අජ්මාල් පවසා තිබුණේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් බැහැරව ජීවත්වීම තමන්ට දැඩි අපහසුතාවක් බවට පත්ව තිබූ බවයි. 37 හැවිරිදි අජ්මාල් මේ වන විට ටෙස්ට් කඩුලූ 178 ක්, එක්දින කඩුලූ 183 ක් සහ විස්සයි20 කඩුලූ 85 ක් දවාගෙන තිබේ.
පාකිස්තානු පිලේ මෙම බංග්ලාදේශ සංචාරයට එක්දින තරග තුනක්, විස්සයි20 තරගයක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වේ.
ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පාකිස්තානු පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයන් වන මිස්බා උල් හක් සහ සහිඞ් අෆ්රිඩි දෙදෙනාම එක්දින පිටියෙන් සමුගැනීම නිසා මෙම බංග්ලාදේශ එක්දින තරගාවලියේදී නායකයා ලෙස අසාර් අලී නම් කර තිබේ. අත්දැකීම් ඇති ක‍්‍රීඩකයකු වන මොහොමඞ් හෆීස් ද මෙම බංග්ලාදේශ සංචාරයේදී නැවතත් පාකිස්තානු පිලට එකතු වී සිටියි.
බංග්ලාදේශයේ තුන් ඉරියව් ක‍්‍රීඩක සකීබ් අල් හසන් පවසන්නේ පාකිස්තානයට එරෙහිව ජය ලැබීමට මෙම තරගාවලිය බංග්ලාදේශයට හො`ද අවස්ථාවක් බවයි.
බංග්ලාදේශ පිල එක්දින තරගයකදී පාකිස්තානු පිල පරාජය කර ඇත්තේ එකම අවස්ථාවකදී පමණි. ඒ 1999 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදීය.
”පාකිස්තානය පරාජය කරන්න මේක හොඳ අවස්ථාවක්”
”අපි අපේ නියම දස්කම් වලට කී‍්‍රඩා කරනවා නම් අපේ රටේදී ඕනැම කණ්ඩායමක් පරාජය කරන්න අපට පුළුවන්” යයිද සකිබ් අල් හසන් පැවසීය.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.