Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අකලංක මූලික වටයෙන්ම ඉවතට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

අකලංක මූලික වටයෙන්ම ඉවතට

editorial - 2022 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද පැවැති (29 වැනිදා) පිරිමි මීටර් 50 සමනල ආර ඉසව්වේ මුලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස් එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අසමත් විය.

එහිදී තමා සහභාගි වූ මූලික වටයේ තරගය දෙවැනියා ලෙස නිමා කිරීමට අකලංක සමත් වුවද, ඔහුට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි විය. මූලික වටයේ තරගයේදී අකලංකට ඉදිරියෙන් තරගය නිමා කළේ බහමාස්හි ලේමර් ටේලර් (තත්ත්පර 24.21) පමණි.

මෙම ඉස්වේ මූලික වටය සඳහා තරගකරුවන් 55 දෙනෙකු සහභාගි වූ අතර ඔවුන් අතරින් 16 දෙනෙක් අවසන් පූර්ව වටයට සුදුසකම් ලබාගත්හ. එහිදී තත්ත්පර 24.89 කාලයක් වාර්තා කළ අකලංකට මූලික වටයේ 22 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

මෙවර ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 50 පසුපස ආර ඉසව්වටද අකලංක සහභාගි වීමට නියමිත අතර එම ඉසව්වේ මූලික වටය සහ අවසන් පූර්ව වටය අගෝස්තු මස 1 වැනිදා පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

අකලංක මූලික වටයෙන්ම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.