Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තුන් ඉරියව් ක්‍රීඩිකා ට්‍රීෂා ගොන්ගාදිගේ දස්කම් හේතුවන් ඉන්දීය බාලිකාවෝ දකුණු අප්‍රිකානු බාලිකාවන් හා සටනකින් තොරවම, වයස 19 න් පහළ විස්සයි-20 ලෝක කුසලානය දිනාගත්හ. අද (02 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී දකුණු අප්‍රිකානු බාලිකාවන් ලකුණු 82 කට දැවී ගිය අතර ඉන්දීය බාලිකාවෝ ඕවර 11.2 කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 84 ක් ලබාගත්හ.
ඉන්දීය 19 න් පහළ ක්‍රීඩිකාවන් යොවුන් ලෝක කුසලාන දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි. වසර 2023 දීත් ඉන්දීය ක්‍රීඩිකාවෝ යොවුන් ලෝක කුසලානය දිනාගත්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු බලිකා පිල වෙනුවෙන් යන්තම් හෝ සටනක් දුන්නේ මීකි වැන් රූස්ට් (23) පමණි. වෙනත් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 20 ක් වත් ලබාගැනීමට නොහැකි විය. ඉන්දීය පන්දු යවන්නියන් වරින් වර කඩුලු දවාගත් අතර දකුණතින් පා දඟ පන්දු යවන්නී ට්‍රීෂා ගොන්ගාදි සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තාය.
පා දඟ පන්දු යවන්නිය මෙන්ම ආරම්භක පිතිකාරිණයද වූ ට්‍රීෂා, පන්දු 33 කින් 8 ක්ම හතරේ සීමාවට යවමින් ලබාගත් ලකුණු 44 නිසා ජයග්‍රහණය ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ දෙපතුළ අසළට පැමිණියේය.
දකුණු අප්‍රිකානු බාලිකාවෝ - ඕවර 20 කදී 82 යි
(ජෙමා බෝතා 16, කරාබු මේසෝ 10, මිකී වැන් රූස්ට් 23, ෆේ කවුලින්ග් 15, පූර්ණිකා සිසෝදියා 06/2, ආයෂී ශුක්ලා 09/2, වෛශ්ණාවි ශර්මා 23/2, ට්‍රීෂා ගොන්ගාදි 15/3)
ඉන්දීය බාලිකාවෝ - ඕවර 11.2 කදී කඩුල්ලක් දැවී 84 යි
(ට්‍රීෂා ගොන්ගාදි නොදැවී 44, සානිකා චල්කේ නොදැවී 26)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.