Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම හමුවේ ලකුණු 412 ක් ලබාගත් මුවර්ස් ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය වූ අද (01 වැනිදා) දිනය අවසන් වීමට පෙර සිය ප්‍රතිවාදීන්ගේ කඩුලු 5 ක් බිම දමාගත්හ. ඒ එස්.එස්.සී. පිලේ ප්‍රබලතම පිතිකරුවන් වන නිපුන් ධනංජය, ෂෙවොන් ඩැනියෙල්, අවිශ්ක ප්‍රනාන්දු සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 77 ක් ඇතුළත දැවී ගිය පිතිකරුවන් අතර සිටියහ.
අද සවස ක්‍රීඩාව නතර කරන විට එස්.එස්.සී. කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියේය. චරිත් අසලංක (නොදැවී 26) සහ දසුන් ශානක (නොදැවී 39) එස්.එස්.සී. පිල වෙනුවෙන් සටන ගෙන යමින් සිටිති.
අන්තර් ක්‍රීඩා සමාජ (පළමු පෙළ) තරගාවලියේදී මේ දක්වා තරග 5 කට සහභාගි වී ඇතත් එස්.එස්.සී. පිල තවමත් සිය පළමු වැනි ජයග්‍රහණය සොයමින් සිටී. තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙයන් තරග කරන සිංහල ක්‍රීඩා සමාජය මේ වන විට ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පතුලටම වැටී සිටී.
ලබන වසරේදී පළමු පෙළ තත්ත්වය නොමැති ‘බී’ තලයේ තරගාවලියට නොවැටී සිටීමට නම් එස්.එස්.සී. පිලට වත්මන් පළමු පෙළ තරගාවලියේ ඉතිරිව ඇති තරග තුනේදී අඩුම තරමේ පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් හෝ අවශ්‍ය වී තිබේ. එබැවින් තරගාවලියේ රැඳී සිටීමට නම් එස්.එස්.සී. පිලට මුවර්ස් පිල හමුවේ අඩුම තරමේ පළමු ඉනිමේ ජයක් හෝ ලබාගත යුතුව තිබේ.
අනෙක් අතට ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයේ සිටින මුවර්ස් පිලද අවසන් තරගයේ ස්ථානයක් සොයන බැවින් මෙම තරගයෙදී හැකි තරම් ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් මෙන්ම මුල් ඉනිමේ ජයග්‍රහණයත් ඔවුන්ගේ අපේක්‍ෂාව වී තිබේ.
මුවර්ස් ක්‍රීඩා සමාජය - පළමු ඉනිම කඩුලු 9 ට 412 යි
(ජනිෂ්ක පෙරේරා 87, සොහාන් ද ලිවේරා 36, කවිඳු කුලසේකර 12, ලසිත් අබේරත්න 83, පසිඳු සූරියබණ්ඩාර 85, දිනුක ඩිල්ෂාන් 42, රමේෂ් මෙන්ඩිස් 33, ප්‍රමෝද් මධුෂාන් 69/4, කවිඳු නදීෂාන් 51/2)
සිංහල ක්‍රීඩා සමාජය - පළමු ඉනිම කඩුලු 5 ට 136 යි
(ෂෙවොන් ඩැනියෙල් 20, ක්‍රිෂාන් සංජුල 32, චරිත් අසලංක නොදැවී 26, දසුන් ශානක නොදැවී 39, චානුක ඩිල්ෂාන් 44/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.