Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර එළබෙන ඉරිදා (11 වැනිදා) පස්වරු 4.15 කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
මූලික වටයේදී මහනුවර කින්ස්වුඩ් විදුහලට එරෙහිව ලකුණු 28-24 ක තියුණු ජයක් ලැබූ රාජකීය විදුහල, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවේ අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 41-24 පහසු ජයක් ලබමිනි.
මූලික වටයේදී මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 61-00 ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉසිපතන විදුහල, අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 24-10 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය.
ඉකුත් වසරේ (2024) පැවැති ජනාධිපති කුසලාන තරගාවලියේ ශූරයන් බවට පත්වූ ඉසිපතන විදුහල මෙම වසරේදීත් එම කුසලාන තමන් සන්තකයේ රඳවා ගැනීමේ අරමුණින් තරග වදින අතර රාජකීයයන් මෙම තරගයට පිවිසෙන්නේ ජනාධිපති කුසලාන ඉසිපතන විදුහලෙන් උදුරා ගැනීමේ බලාපොරොත්තුවෙනි.
මේ දක්වා පවත්වා ඇති ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලීන්හිදී ඉසිපතන විදුහල අවස්ථා 12 කදී එම කුසලාන තමන් සතුකරගෙන ඇති අතර රාජකීය විදුහල ඊට හිමිකම් කියා ඇත්තේ අවස්ථා 3 කදී පමණි.
මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම එළබෙන 18 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. එහිදී ඔවුන් පළමු අවසන් පූර්ව තරගයෙන් ජය ලැබූ මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.