Last Update  :  2024-10-07 23:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යූරෝ පාපන්දු අවසන් පූර්ව තරග හෙට - අනිද්දා
යූරෝ පාපන්දු - 2024

යූරෝ පාපන්දු අවසන් පූර්ව තරග හෙට - අනිද්දා

editorial - 2024 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුරෝපා පාපන්දු සම්මේලනයේ සංවිධායකත්වයෙන් ජර්මනියේදී පැවැත්වෙන යූරෝ - 2024 ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට (9 වැනිදා) සහ අනිද්දා (10 වැනිදා) පැවැත්වෙන අතර එහිදී ස්පාඤ්ඤයට එරෙහිව ප්‍රංශයත්, එංගලන්තයට එරෙහිව නෙදර්ලන්තයත් තරග වැදීමට නියමිතය. 

ඉන් පළමු අවසන් පූර්ව තරගය මියුනිච් නුවරදී ස්පාඤ්ඤය සහ ප්‍රංශය අතර ශ්‍රී ලංකා වේලාවෙන් 10 වැනිදා අළුයම 12.30 ටත්, දෙවැනි අවසන් පූර්ව තරගය ඩෝට්මවුන්ඞ් නුවරදී එංගලන්තය සහ නෙදර්ලන්තය අතර ශ්‍රී ලංකා වේලාවෙන් 11 වැනිදා අළුයම 12.30 ටත් ආරම්භ වීමට නියමිතය. 

අර්ධ අවසන් පූර්ව වටයේදී සත්කාරක ජර්මනියට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කරමින් ස්පාඤ්ඤයත්, පෘතුගාලයට එරෙහිව දඬුවම් පහර 5-3 ක ජයක් වාර්තා කරමින් ප්‍රංශයටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 

එංගලන්තය සහ නෙදර්ලන්තය අවසන් පූර්ව වටයට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් ස්විට්සර්ලන්තයට එරෙහිව දඬුවම් පහර 5-3 ක ජයක්ද, තුර්කියට එරෙහිව ගෝල 2-1 ක ජයක්ද වාර්තා කරමිනි. 
අවසන් පූර්ව තරගවලදී ජය ලබන කණ්ඩායම් අතර තරගාවලියේ අවසන් මහ තරගය එළබෙන 14 වැනිදා පස්වරු 9.00 ට බර්ලින් නුවරදී පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකාවට නැරඹිය හැකි වන්නේ 15 වැනිදා අළුයම 12.30 සිටය. 

රටවල් 24 ක සහභාගීත්වයෙන් ක්‍රීඩාංගණ 10 කදී මාසයක් පුරා පැවැති මෙම තරගාවලියේදී මේ දක්වා ගෝල 108 ක් වාර්තා වී තිබේ. ජෝජියාවේ ජෝජ්ස් මිකටඞ්සා, ජර්මනියේ ජමාල් මුසියාලා, නෙදර්ලන්තයේ කොඩි ගක්පෝ සහ ස්ලෝවැකියාවේ අයිවන් ෂ්රාන්ස් ගෝල 3 බැගින් ලබාගනිමින් එහි වැඩිම ගෝල ලාභීන් බවට පත්ව සිටිති. 


- 036


අදහස් (0)

යූරෝ පාපන්දු අවසන් පූර්ව තරග හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.