Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket කොදෙව්වෝ ලකුණු 319 ක් පසුපසින්

කොදෙව්වෝ ලකුණු 319 ක් පසුපසින්

editorial - 2025 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දින වූ අද (5 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 531 ක ඉලක්කයක් හඹායමින් සිටි කොදෙව්වෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 212 ක් ලබා සිටියහ.

ඒ අනුව කොදෙව් පිල තවත් කඩුලු 6 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 319 ක් පසුපසින් සිටියි. සිවුවැනි දිනය නිමාවට පත්වන විට ශායි හෝප් ලකුණු 116 ක්ද, ජස්ටින් ග්‍රේව්ස් ලකුණු 55 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට කොදෙව් ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා එක්ව ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 140 කි.

තරමක් වේගයෙන් ලකුණු රැස්කළ හෝප් හයේ පහරකින් සහ හතරේ පහර 15 කින් සිය සිවුවැනි ටෙස්ට් ශතකය අලංකාර කළ අතර ග්‍රේව්ස්ගේ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය. කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ජෝන් කැම්බල් (15) සහ ටැජනරින් චන්ද්‍රපෝල් (6) ලකුණු 25 ක් තුළ පිටියෙන් ඉවත් කිරීඹට ජෙකොබ් ඩෆී සමත් විය.

තෙවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 417 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම, අද දිනයේදී තවත් කඩුලු 4 ක් අහිමි කරගනිමින් සිය දෙවැනි ඉනිමට ලකුණු 49 ක් එක්කර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා කොදෙව් කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය.

නවසීලන්ත දෙවැනි ඉනිමේදී අගනා ශතක ලබාගැනීමට නායක ටොම් ලේතම් (145) සහ රචින් රවින්ද්‍ර (176) සමත් වූ අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 279 ක විශිෂ්ඨ සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ. එහිදී ලේතම්ගේ 14 වැනි ටෙස්ට් ශතකයට හතරේ පහර 12 ක්ද, රවින්ද්‍රගේ සිවුවැනි ටෙස්ට් ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 27 ක්ද අන්තර්ඝත විය.

 

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 231 
(ටොම් ලේතම් 24, කේන් විලියම්සන් 52, ටොම් බ්ලන්ඩල් 29, මයිකල් බ්‍රාස්වෙල් 47, නේතන් ස්මිත් 23, ඕජේ ශීල්ඩ්ස් 34/2, ජස්ටින් ග්‍රේව්ස් 35/2, ජේඩන් සීල්ස් 44/2, කේමර් රෝච් 47/2) 

කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 167 
(ටැජනරින් චන්ද්‍රපෝල් 52, ශායි හෝප් 56, ජෙකෝබ් ඩෆී 34/5, මැට් හෙන්රි 43/3, සකාරි ෆෝල්ක්ස් 32/2) 

නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 466 
(ටොම් ලේතම් 145, ඩෙවෝන් කොන්වේ 37, රචින් රවින්ද්‍ර 176, විල් යං 23, මයිකල් බ්‍රාස්වෙල් 24, කේමර් රෝච් 78/5, ඕජේ ශීල්ඩ්ස් 74/2) 

කොදෙව් දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 212
(ශායි හෝප් නොදැවී 116, ජස්ටින් ග්‍රේව්ස් නොදැවී 55, ජෙකෝබ් ඩෆී 65/2) 

-036 


අදහස් (0)

කොදෙව්වෝ ලකුණු 319 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.