Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket ඕස්ට්‍රේලියානුවෝ කල්තියාම අළුබඳුන දිනති
අළු බඳුන - 2025

ඕස්ට්‍රේලියානුවෝ කල්තියාම අළුබඳුන දිනති

editorial - 2025 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියානුවෝ අද (21 වැනිදා) සමත් වූහ. ඒ ඇඩිලේඩ් නුවරදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 82 ක ජයක් වාර්තා කරමිනි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 435 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයන්ට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 352 ක් පමණි. එහිදී නායක පැට් කමින්ස්, මිචෙල් ස්ටාක් සහ නේදන් ලයන් කඩුලු 3 බැගින් බිඳහෙළමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ. 

සිවුවැනි දිනය වූ ඊයේ (20 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටි එංගලන්තයට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කර ගත හැකි වූයේ ලකුණු 145 ක් පමණි. එහිදී ජෙමී ස්මිත් හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 60 ක් රැස්කළ අතර ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි බ්‍රයිඩන් කර්ස් නොදැවී ලකුණු 39 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 

ලකුණු 194 කට කඩුලු 6 ක් බිඳවැටී තිබියදී ජෙමී ස්මිත් සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විල් ජැක්ස් (47), ඉන් නොනැවතී බ්‍රයිඩන් කර්ස් (නොදැවී 39) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක සම්බන්ධතාවක්ද ගොඩගමින් එංගලන්ත කණ්ඩායම පරාජයෙන් බේරාගැනීමේ සටනක නිරත විය. 

එහෙත් එංගලන්ත ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස ස්මිත් දවාගත් මිචෙල් ස්ටාක්, ඉන් අනතුරුව 8 වැනි කඩුල්ල ලෙස ජැක්ස්ද පිටියෙන් ඉවත් කරමින් එංගලත්තයේ බලාපොරොත්තු බිඳ දැමුවේය. මෙම තරගයේ පළමු ඉනිමේදී බෙන් ඩුකට්ගේ කඩුල්ල දවාගැනීමත් සමග ග්ලේන් මැක්ග්‍රාත් (කඩුලු 563) පසුකර යමින් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර 6 වැනියා බවට පත්වීමට නේදන් ලයන් සමත් විය. 


ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 371
එංගලන්තය පළමු ඉනිම - සියලු දෙනා දැවී 286 
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 349 
එංගලන්තය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 352

(සැක් ක්‍රොව්ලි 85, ජෝ රූට් 39, හැරී බෘක් 30, ජෙමී ස්මිත් 60, විල් ජැක්ස් 47, බ්‍රයිඩන් කර්ස් නොදැවී 39, පැට් කමින්ස් 48/3, මිචෙල් ස්ටාක් 62/3, නේදන් ලයන් 77/3) 

-036 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ කල්තියාම අළුබඳුන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.