Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ පාකිස්තානය අතර පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (12 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 313 ක් ලබා සිටියේය.
පළමු දිනය නිමාවට පත්වන විට කඩුල්ලේ රැදී සිටි මොහොමඩ් රිස්වාන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 62 ක්ද, සල්මාන් අගා හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 52 ක්ද ලබා සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 114 කි.
මුලු ලකුණු සංඛ්‍යාව 2 ක්ව තිබියදී පාකිස්ථාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් අබ්දුල්ලා ශෆීක් (2) දැවී ගියද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 161 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමට ඉමාම් උල්හක් (93) සහ නායක ශාන් මසූද් (76) සමත් වූහ.
ඉමාම්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වෙද්දී, මසූද්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය. ප්‍රෙනෙලන් සුබ්‍රයන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් මසූද් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
ඉන් අනතුරුව පිටියට පිවිසි බාබර් අසාම් හතරේ පහර 4 ක් සමග ලකුණු 23 ක් රැස්කළ අතර 5 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි සෞද් ශකීල් මුහුණදුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොළබා දැවී ගියේ සෙනුරන් මුත්තුසාමිගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමිනි.
පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 313
(ඉමාම් උල්හක් 93, ශාන් මසූද් 76, බාබර් අසාම් 23, මොහොමඩ් රිස්වාන් නොදැවී 62, සල්මන් ආගා නොදැවී 52)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.