Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket ටෙස්ට් පිටියෙන් මැතිව්ස් සමුගනී

ටෙස්ට් පිටියෙන් මැතිව්ස් සමුගනී

editorial - 2025 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ප්‍රවීණ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. අද (සිකුරාදා) සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද නිවේදනයක, මැතිව්ස් සඳහන් කළේ බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ඔහුගේ අවසාන ටෙස්ට් තරගය බවයි. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු වැනි ටෙස්ට් තරගය ජූනි මස 17 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. 

“කෘතඥපූර්වක හදවතකින් සහ අමතක නොවන මතකයන් රැසක් සමඟින්, ක්‍රිකට් ක්‍රීඩාවේ මා වඩාත්ම ආදරය කරන ආකෘතිය වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට මට කාලය ඇවිත් තියෙනවා” යයි මැතිව්ස් සිය ‘එක්ස්’ (කලින් ට්විටර්) ගිණුමේ සටහන් කර තිබේ. 

“ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය වසර 17 ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කිරීම මගේ ජීවිතයේදී ලබාගත් ඉහළම ගෞරවය හා ආඩම්බරයයි. ජාතික කණ්ඩායමේ කමිසය ඇඳ හිස්වැස්ම පැළඳ සිටින විට දැනෙන දේශප්‍රේමය සහ ජාතිකානුරාගය පිළිබඳ හැඟීමට සමාන වෙනත් කිසිවක් නැත”

“මම මගේ සියල්ල ක්‍රිකට් ක්‍රීඩාවට තිළිණ කළෙමි. අනෙක් අතට ක්‍රිකට් ක්‍රීඩාවෙන් මා ලද දේ ද බොහෝය. මා අද සිටින පුද්ගලයා බවට පත්වූයේ ක්‍රිකට් ක්‍රීඩාව නිසාය” 
“මා ක්‍රිකට් ක්‍රීඩාවට කෘතඥ වෙනවා. ඒ වගේම මගේ ජීවිතයේ සාර්ථකම මෙන්ම අසීරුතම කාලයන්හිදීත්, මගේ වෘත්තීය ජීවිතය පුරාත් මා සමගින් සිටි දහස් ගණන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මගේ හෘදයංගම කෘතඥතාව පිරිනැමෙනවා” 

“ජුනි මාසයේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මගේ රට වෙනුවෙන් මා ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය වේවි”

“තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කළ පරිදි, මම ටෙස්ට් ආකෘතියට සමු දෙන නමුත්, මගේ රටට මාව අවශ්‍ය වන්නේ නම් සහ අවශ්‍ය වූ විට, සීමිත ඕවර තරග සඳහා ක්‍රීඩා කිරීමට මම සූදානමින් සිටිමි” යයි ඇන්ජලෝ මැතිව්ස් සිය එක්ස් පණිවුඩයේ සටහන් කර තිබේ. 


අදහස් (0)

ටෙස්ට් පිටියෙන් මැතිව්ස් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.