
සංචාරක අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව චැටෝග්‍රෑම් නුවරදී පැවැති තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අද (2 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද බංග්ලාදේශයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඕවර 13.4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ආරම්භක පිතිකරු ටැන්සිඩ් හසන් (නොදැවී 55) සහ පර්වේස් හෝසේන් (නොදැවී 33) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 73 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ටැනිසිඩ්, පන්දු 36 කදී ලබාගත් සිය 11 වැනි විස්සයි-20 අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සැරසුවේය. පන්දු 26 කදී වාර්තා වූ පර්වේස්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය. සයිෆ් හසන් පන්දු 14 කින් ලකුණු 19 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තයට මුස්තෆිසුර් රහමන් සහ රිෂාඩ් හොසේන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. එහිදී මුස්තෆිසුර් සහ රිෂාඩ් කඩුලු 3 බැගින් දවාගත් අතර ෂොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 ක් බිඳහෙළීය.
අයර්ලන්තය - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 117
(පෝල් ස්ටර්ලින් 38, ටිම් ටෙක්ටර් 17, ජෝජ් ඩොක්‍රෙල් 19, මුස්තෆිසුර් රහමන් 11/3, රිෂාඩ් හොසේන් 21/3, ෂොරිෆුල් ඉස්ලාම් 21/2)
බංග්ලාදේශය - ඕවර 13.4 කදී කඩුලු 2 ක් දැවී 119
(ටැන්සිඩ් හසන් නොදැවී 55, සයිෆ් හසන් 19, පර්වේස් හොසේන් නොදැවී 33)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.