Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket පාකිස්තානය 3-0 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

පාකිස්තානය 3-0 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

editorial - 2026 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියාවට එරෙහිව ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ (1 වැනිදා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 111 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වූ පාකිස්තානය, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 16.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96 ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් නවාස් සිය ඕවර 4 ක ලකුණු 18 කට සීමා කරමින් කඩුලු 5 ක් දවාගත්තේ තරගයේ වීරයා සම්මානයද තමා සතුකර ගනිමිනි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 207 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු සයිම් අයුබ් (56) සහ බාබර් අසාම් (නොදැවී 50) අර්ධ ශතක ලබාගත්හ. පන්දු 37 කදී වාර්තා වූ අයුබ්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින්ද, පන්දු 36 කදී වාර්තා වූ අසාම්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින්ද සමන්විත විය. 

පාකිස්තාන ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 19 කට මුහුණදුන් ශදාබ් ඛාන් ලකුණු 46 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. කවාජා නෆායි පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන යෑමට දායකත්වය සැපයීය. 


පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 207 
(සයිම් අයුබ් 56, බාබර් අසාම් නොදැවී 50, කවාජා නෆායි 21, ශදාබ් ඛාන් 46, බෙන් ඩ්වර්ෂිස් 39/2) 

ඕස්ට්‍රේලියාව - ඕවර 16.5 කදී සියලු දෙනා දැවී 96
(කැමරන් ග්‍රීන් 22, මාකස් ස්ටොයිනිස් 23, මොහොමඩ් නවාස් 18/5, ශහීන් අෆ්රිඩි 16/2)

-036 


අදහස් (0)

පාකිස්තානය 3-0 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.