Last Update  :  2025-07-14 11:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket ප්‍රවේශපත් විකිණී අවසන්
3 වැනි විස්සයි-20 තරගය

ප්‍රවේශපත් විකිණී අවසන්

editorial - 2025 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (10 වැනිදා) පල්ලෙකැළේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගයේ සියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 

බදාදා (ඊයේ) සවස් වන විටත් ඉතිරිව තිබුණේ ක්‍රීඩාංගණය දෙපසින් පිහිටි තණබිස්සේ ප්‍රවේශපත් පමණි. එහි ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 500 ක් වූ අතර ලකුණු පුවරුව පාමුල සහ ඩිජිටල් රූපවාහිනී තිරය පාමුල තණ බිස්සේ හෙවණක් හෝ ආසන පහසුකම් නොමැත. ක්‍රීඩාංගණයේ ආසන පහසුකම් සහිත ප්‍රේක්‍ෂකාගාර වල ප්‍රවේශපත් ඊයේ සවස වන විටත් විකිණී අවසන්ව තිබිණ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පෙරවරුවේදී නිවේදනය කළේ අද දහවල් 11.00 වන විට සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් බැවින් තවදුරටත් පෝලිම් වල රැඳී නොසිටින ලෙයසි.  
තරගය අද පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය. ක්‍රීඩාංගණයේ දොරටු පස්වරු 5.00 ට විවෘත කෙරේ. 


අදහස් (0)

ප්‍රවේශපත් විකිණී අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.