Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 තරගයේ සියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
පළමු විස්සයි-20 තරගය පැවැති බ්‍රහස්පතින්දා (10 වැනිදා) සවස් වන විටත් දඹුල්ල තරගය සඳහා අන්තර්ජාලය ඔස්සේ අළෙවි කෙරෙන ප්‍රවේශපත් විකිණී අවසන්ව තිබිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරුවේදී නිවේදනය කළේ සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් බැවින් පස්වරු 3.30 ට රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් කවුළුව වසා දැමූ බවයි. එය නැවත විවෘත නොකරන බවත් දඹුල්ලේ තරගය සඳහා ප්‍රවේශපත් බලාපොරොත්තුවෙන් තවදුරටත් පෝලිම් වල රැඳී නොසිටින ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටී.
තරගය ඉරිදා පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය. ක්‍රීඩාංගණයේ දොරටු පස්වරු 5.00 ට විවෘත කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.