Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ළදරුවන්ගේ සටන අද - හෙට

ළදරුවන්ගේ සටන අද - හෙට

editorial - 2023 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ළදරුවන්ගේ සටන නම් විරුදාවලිය ලත්මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලත් විද්‍යාර්ථ විදුහලත් අතර 63 වැනි මහා ක්‍රිකට් තරඟය මාර්තු මස 31 සහ අප්‍රේල් 01 යන දෙදින තුළ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය .

මෙම මහා ක්‍රිකට් තරඟයේ මෙතෙක් පැවති තරග අතුරෙන් තරඟ 14 ක ජයසිල්වෙස්තර විදුහල විසින්ද තරඟ 03 ක ජය විද්‍යාර්ථ විදුහල විසින්ද වාර්තා කර තිබේ .

විද්‍යාර්ථ විදුහල මේ තරගවාරයේ තරඟ 12කට මුහුණදෙමින් තරඟ 06ක් (කිංස්වුඩ් විදුහල, කෑගලු විද්‍යාලය, කෑගල්ල ශාන්ත මේරී විදුහල, කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල, කරන්දෙණිය මැදි විදුහල,) ජයගෙන ඉතිරි තරග ජය පැරදුමෙන් තොරව නිමාකොට තිබේ.

ශාමල් ප්‍රියභාෂණ (662) සහ පුබුදු තාරක (525) විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වා ඇති අතර ආදිත්‍ය කලල්පිටිය කඩුලු 100 සහ චාමික බණ්ඩාර කඩුලු 35ක් වාර්තා කරමින් මේ තරගවාරයේ පන්දුවෙන් දස්කම් දක්වා තිබේ.

සිල්වෙස්තර විදුහල මේ තරගවාරයේ තරංග 12 ට මුහුණ දීතරඟ හතරක් ජයගෙන (කිංස්වුඩ්, සහිරා,ශාන්ත ආනා, දේවපතිරාජ,) තරග දෙකක් ජයගෙන (ගුරුකුල, මාරිස්ටෙලා,) ඉතිරි තරග තරගය ජය පැරදුමෙන් තොරව නිමාකර තිබේ .

සිල්වෙස්තර විදුහලේ වැඩිම ලකුණු ලාභියා ලෙස කවිශ්ක ඉමේශ් දස්කම් පෑ අතර ඔහු මේ තරගවාරයේ ලකුණු 650ක් වාර්තා කර ඇත. අකිල වික්‍රමසිංහ පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 60 ක් වාර්තාකර තිබේ .

විද්‍යාර්ථ සංචිතය පළමුපෙල

ක්‍රිකට් භාර ආචාර්ය රංග ජයසිංහ, ආදිත්‍ය කලල්පිටිය (නායක) සුමිත් දිසානායක (ක්‍රීඩා භාර ආචාර්ය),ඩී. එම්.සේනාරත්න (නියෝජ්‍ය විදුහල්පති), එම්.ආර්.පී. මායාදුන්නේ (විදුහල්පති), එන්. බී. ජයසුන්දර, අණිෂ්ක ගුණරත්න (උපනායක), ශාමල් ප්‍රියභාෂණ, සේනක දිසානායක (පුහුණුකරු)

දෙවැනි පෙළ

හේශාන් ජයවර්ධන, නිශ්මික කවිශාන්,යෝෂිත චන්ද්‍රසේන, ධනුප කොඩිකාර, සහන් දිල්හාර, චමල්ක බණ්ඩාර, පුබුදු තාරක, ජනිදු රණවීර, ශකිල නිම්සර, චානුක මිත්‍රසිංහ,

තුන්වැනි පෙළ

දිනෙත් බුලන්කුලම, චමත් බුවනෙක, ෂෙවාන් නන්දනතිස්ස.

 

සිල්වෙස්තර සංචිතය

මලිත් ලක්ෂාන් (නායක), කන්ක වික්‍රමසිංහ, සහන් දිසානායක, කවිශ්ක ඉමේශ්, යෝශිත ඉසුරංග, චාරුක අයේශාන්, ඩියෝන් ප්‍රනාන්දු, චන්දූප වඩුගේ, අකිල වික්‍රමසිංහ, ඉසුරු ගුණසේකර, නිමේෂ සිල්වා, අරූෂ මෙන්ඩිස්, කාශ්‍යප දිසානායක, පන්සිලු බණ්ඩාර, සිංහ බණසින්හ, වාගීෂ හන්සල, චන්දිමාල් විජේවර්ධන, පියුමක කරුණාරත්න, චමෝදි දිසානායක, සඳරුවන් හේරත්) අසේල රණසිංහ (විදුහල්පති) රොෂාන් ජයතිස්ස (ප්‍රධාන පුහුණුකරු) පාලින්ද ද සිල්වා (ක්‍රිකට් භාර ආචාර්ය)


අදහස් (0)

ළදරුවන්ගේ සටන අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.