
(මල්වාන ඩබ්ලිව් ඩී. ඵම්. විතානගේ සහ දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති)
හේනේගම මධ්‍ය විදුහල හා හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහ විදුහල අතර " රුහුණු - මායා " මැදි මහා එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 72 ක විශීෂ්ට ජයක් හිමි කර ගැනීමට හේනේගම මධ්‍ය මහ විදුහල සමත් විය. මෙම තරගය ඊයේ ( 01 වැනිදා ) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
කාසියේ වාසිය හිමි කර ගත් හේනේගම කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් ඕවර 50 කදී කඩුලු 08 කට ලකුණු 206 ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු වශයෙන් හික්කඩුව ශ්‍රී සුමංගල විදුහලට ලබා ගැනීමට හැකි වුයේ ඕවර 44.3 කදී ලකුණු 134 ක් පමණි. ඒ අනුව හේනේගම කණ්ඩායමට ලකුණු 72 ක ජයක් හිමිවිය.
ජයග්‍රාහී හේනේගම කණ්ඩායම මන්දීප නිම්සර විසින් මෙහෙයවන ලදි.
හේනේගම කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ට 206 යි
(තමිදු පුමෝද් 80, මිතිල විශ්වජිත් 30, මන්දීප නිම්සර 25, ශානුක දෙනුවන් 32/2, තරුති දම්සිත් 25/ 2, විනෝද් ධනුෂ්ක 39/2)
හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල - ඕවර 44.3 කදී සියලු දෙනා දැවී 134 යි
(ශානුක දෙනුවන් 21, මිතිල විශ්වජිත් 13/2, කුසල් ජයසංක 14/2, කසුන් මධුභාෂණ 32/2, පසිදු තීක්ෂණ 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.