 වයස 15 න් පහළ අන්තර් පාසල් තරගාවලිය ආරම්භ වීමෙන් පසුව පැවැති පළමු වටයේ තරගයකදී හිරුන් මතීෂ ලබාගත් ශතකය නිසා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය පරාජය කරමින් මුල් ඉනිමේ ජයක් ලබාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වූයේය. මෙම තරගය දෙහිවලදී පැවැත්විණ.

වමතින් පන්දුවට පහර දෙන ආරම්භක පිතිකරුවකු වන හිරුන් මතීෂ, පන්දු 116 කින් නොදැවී ලකුණු 104 ක් ලබාගත්තේ හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක්ද සිය ඉනිමට ඇතුළත් කරමිනි.
කොළඹ රාජකීය විද්‍යාලය - පළමු ඉනිම ඕවර 35 කදී කඩුලු 3 ක් දැවී 192 යි
(හිරුන් මතීෂ නොදැවී 104, තෙවිඳු වේවැල්වල 46)
නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 85 යි
(ඉමෙත් සන්සිළු 27, එමිල සෙව්මිණ 20, උෂිත ඉලේපෙරුම 10/2, තෙවිඳු වේවැල්වල 14/2, තරුල් අබේවර්ධන 19/2)
නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 3 ක් දැවී ලකුණු 08 යි
(උෂිත ඉලේපෙරුම 06/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.