Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සා. තෝමස් තුන්වැනි ජයත් ලබයි

සා. තෝමස් තුන්වැනි ජයත් ලබයි

editorial - 2022 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මහින්ද විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 14 කින් පරාජය කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි පූර්ණ ජයග්‍රහණයත් වාර්තා කළහ. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ දෙවැනි දින තේ පානයටත් කලින් තරගය අවසන් විය.

2022 - 23 පාසල් ක්‍රිකට් වාරයේදී, ශක්තිමත් මෙන්ම සමබර කණ්ඩායමකට හිමිකම් කියන ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය තරග 4 කදී ලබාගත් තුන්වැනි පූර්ණ ජයග්‍රහණය මෙයයි.

සාන්ත තෝමසුවන් වෙනුවෙන් පන්දු 129 කින් ලකුණු 117 ක් ලබාගත් රොමේෂ් මෙන්ඩිස් සහ සෙනේෂ් හෙට්ටිආරච්චි (72) මුල් ඉනිමේදී ලකුණු 289 ක් කරා තම පිල කැඳවාගෙන ගියහ. මෙන්ඩිස්ගේ ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහර 5 කින් සමන්විත විය.  
චාරුක පීරිස් ඉනිම දෙකේදීම කඩුලු 10 ක් දවාගනිමින් මහින්දය මුල් ඉනිමේදී ලකුණු 101 කටත් දෙවැනි ඉනිමේදී ලකුණු 174 කටත් සීමා කළේය.


මහින්ද විද්‍යාලය - ඕවර 30.1 කදී සියලු දෙනා දැවී 101 යි
(ධනුජ ඉඳුවර 53, නේතන් කල්දේරා 27/5, චාරුක පීරිස් 21/4)

සාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 69 කදී සියලු දෙනා දැවී 289
(රොමේෂ් මෙන්ඩිස් 117, සෙනේෂ් හෙට්ටිආරච්චි 72, තිසෙන් ඇහැලියගොඩ 40, තරුෂ ඩිල්ෂාන් 71/5, සනුක දංගමුව 51/3)

මහින්ද විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 46 කදී සියලු දෙනා දැවී 174යි
(හිරුණ ගාල්ලගේ 40, දිනුර කළුපහන 36, චන්දුප ද සිල්වා 20, ෂේනුක දංගමුව 29, චාරුක පීරිස් 66/6, ආකාෂ් ප්‍රනාන්දු 33/2, නේතන් කල්දේරා 32/2)

 


අදහස් (0)

සා. තෝමස් තුන්වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.