දමින්ද විජේසූරිය
සිය වසකට වැඩි සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන පාසල් දෙකක් වන නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයත් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයත් අතර පැවැත්වෙන වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද සහ හෙට (31 සහ 1 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 26 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගය ‘ශ්‍රී ජයවර්ධනපුර හටන’ ලෙසින් හැඳින්වෙයි.
තරගයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් 1978 වසරේදී ශාන්ත ජෝන් විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දැරූ අජිත් මහේන්ද්‍ර මහතා සහභාගි වෙයි. 1973 වසරේදී 16 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින්, වමතින් දඟ පන්දු යවන්නකු ලෙසින් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ අජිත් මහේන්ද්‍ර, 1974 වසරේ සිටම 19 න් පහළ කණ්ඩායමට එක්විය. 1975 වසරේදී තරග 9 කින් කඩුලු 50 ක් දවාගත් මහේන්ද්‍ර, 1976 සහ 1977 වසර දෙකේදීම කෝට්ටේ පාසල් අතර දක්ෂතම පන්දු යවන්නා ද විය. 1978 වසරේදී ඔහු කණ්ඩායමේ නායකත්වයට පත්විය.
1 වැනිදා පැවැත්වෙන සමාප්ත උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ආනන්ද ශාස්ත්රාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයකු වන ජානක රණතුංග මහතා සහභාගි වෙයි.
සිව්වැනි වසරේ වර්ණලාභියකු වන සඳුන් දෙව්මිණ පෙරේරා මෙවර තරගයේදී ශාන්ත ජෝන් විද්‍යාලයේ නායකත්වය දරයි. පෝෂිත මදනායක ආනන්ද ශාස්ත්රාලයීය කණ්ඩායම මෙහෙයවයි.


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.