Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වේල්ස් කුමර - මැසිනොද් අවසන් තරගය හෙට

වේල්ස් කුමර - මැසිනොද් අවසන් තරගය හෙට

editorial - 2023 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 17 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මොරටුව වේල්ස් කුමර විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර හෙට (20 වැනිදා) කොළඹ ඒස් කැපිටල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායම් 76 ක් කාණ්ඩ 14 ක් යටතේ යටතේ තරග වැදුණ අතර වේල්ස් කුමර විදුහල ඔවුන් නියෝජනය කළ කාණ්ඩයේ අනු ශූරයන් ලෙසත්, මැසිනොද් විදුහල ඔවුන් නියෝජනය කළ කාණ්ඩයේ ශූරයන් ලෙසත් දෙවැනි වටයට සුදුසුකම් ලැබුවේය.

දෙවැනි වටයේදී කොළඹ ආනන්ද විදුහලත්, තෙවැනි වටයේදී කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලත් පරාජය කළ වේල්ස් කුමරුවෝ, අර්ධ අවසන් පූර්ව වටයේදී කුරුණෑගල මලියදේව විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය.

දෙවැනි වටයේදී මාතලේ ශාන්ත තෝමස් විදුහලත්, තෙවැනි වටයේදී කොළඹ රාජකීය විදුහලත් පරාජය කළ මැසිනොද් ක්‍රීඩකයෝ, අවසන් පූර්ව වටයට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේදී මාතර ශාන්ත සර්වේෂස් විදුහල පරාජය කරමිනි.

අවසන් පූර්ව වටයේදී මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කරමින් වේල්ස් කුමර විදුහලද, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල පරාජය කරමින් මැසිනොද් විදුහලද අවසන් මහ තරගයේ ස්ථාන වෙන්කරවා ගත්තේය.

වේල්ස් කුමර විදුහල වයස 17 න් පහළ පළමු කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ඇත්තේ වසර 18 කට පසුව වීම කැපී පෙනෙන සිදුවීමක් වන අතර මැසිනොද් විදුහල පළමු කොටසේ අවසන් මහ තරගයට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වේ.

මෙවර තරග වාරයේදී ප්‍රින්ස් ප්‍රනාන්දු විසින් වේල්ස් කුමර විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර ජනිත් කාරින්ද්‍ර මැසිනොද් විදුහල් කණ්ඩායමේ නායකත්වය දරයි.
 


අදහස් (0)

වේල්ස් කුමර - මැසිනොද් අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.